Sunday, January 19, 2025

කුරුණෑගල අලුත් නගරාධිපති හෙට එළියට එයි !

Must read

mck_mayor

ඉදිරි සිව් වසරක කාලය සදහා කුරුණෑගල මහ නගර සභාවේ මුල් පුටුව හොබවන නගරාධිපතිවරයා හෙට දිනයේදී තේරී පත්වීමට නියමිතය.

ඒ හෙට උදෑසන පැවැත්වෙන කුරුණෑගල මහ නගර සභාවේ පළමු මහ සභා රැස්වීමේදීය. මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්දය දිනාගන්නා අයෙකු හෙට දිනයේදී අභිනව නගරාධිපතිවරයා වශයෙන් තේරීපත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වරුණ ප්‍රේමරත්න සහ විජයානන්ද වෙඩිසිංහ යන මන්ත්‍රීවරුන් නගරාධිපතිධූර අපේක්ෂකයින් ලෙස හෙට දිනයේදී ඉදිරිපත්වීමට සූදානමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන තුෂාර සංජීව සහ ගාමිණී පෙරමුණගේ යන මන්ත්‍රී දෙපළද නගරාධිපති අපේක්ෂකත්වය සදහා තරග කිරීමට සූදානමින් සිටින බව වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ආසන 8 බැගිනුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 03 ක් සහ ජනතා විමුක්ති පෙරමුණ සහ අකිල ඉලංගෙයි මුස්ලිම් කොංග්‍රසයට එක් අසුන බැගිනුත් කුරුණෑගල මහ නගර සභාවේ මන්ත්‍රී අසුන් බෙදී ගොස් තිබේ. ඒ අනුව සෙසු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ලබාගැනීම වෙනුවෙන්  නගරාධිපති අපේක්ෂකයින් මේ වනවිට දැඩි උත්සාහයක් දරමින් සිටින බව ද වයඹ ටුඩේ වෙත වැඩිදුරටත් වාර්තා වෙයි.

කුරුණෑගල නගර සභාවේ තීරක බලය ආසන 03 ක් හිමි එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවන ලකුණු පෙර දී පහළ වී තිබූ නමුත්, නගරාධිපති තනතුර වෙනුවෙන් මේ වනවිට දියත් වී ඇති සිව්කොන් සටන හමුවේ හෙට දිනයේදී සෑම මන්ත්‍රීවරයෙකුගේම ඡන්දය අතිශය තීරණාත්මක වන ලකුණු දැන් පහළ වී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article