ඉබ්බාගමුව, කුඹුක්වැව ප්‍රදේශයේ පැවැති අවමංගල්‍යයකට සහභාගිවීම සදහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අද පස්වරුවේ එහි පැමිණියේය.
අමාත්‍යවරයා එම අවමංගල්‍යයට සහභාගිවීමට පැමිණ තිබුණේ ඔහුට අයත් පුද්ගලික ගුවන් යානයකින් වූ අතර එම යානය අද පස්වරු 2.15 ට පමණ කුඹුක්වැව මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගොඩබැසවනු ලැබීය. පසුව එහි පැමිණ සිටි හිරියාල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක මංජුල යාපා මහතා සමග අදාළ අවමංගල්‍යය පැවැති නිවසට ගිය දයා ගමගේ මහතා දේහයට අවසන් ගෞරව දැක්වීය.
අවමංගල්‍ය පැවැති නිවසේ ටික වේලාවක් ගත කළ දයා ගමගේ මහතා තමන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු කොළඹ බලා ගියේය.