කල්පිටිය, දළුව නිර්මලපුර ප්රදේශයේ පිහිටි සුළං විදුලි බලාගාරයක කුළුණක අද(28) සවස හදිසි ගිනි ගැනීමක් සිදුව ඇති බව නොරෝච්චෝල පොලීසිය පවසයි.
පුද්ගලික සමාගමකට අයත් මෙම සුළං විදුලි බලාගාරයේ පිහිටි කුළුණුවලින් එක් කුළුණක හදිසියේ මෙම ගිනි ගැනිම සිදුව තිබේ.
අඩි 200 කට ආසන්න උසකින් යුත් මෙම සුළං කුළුණ මුදුනේ පිහිටි විදුලිය නිපදවන පද්ධතියේ මෙම ගිනි ගැනීම සිදුව ඇති අතර ගිනි ගැනීමේන් අදාල කොටස පැයකට ආසන්න කාලයක් ගිනි ගනිමින් විනාශ වි ඇති බවද කියයි.
ගිනි ගැනිම සැතපුම් කිපයක් දුරට දැක ගත හැකිවු බව ජනතාව පවසයි.
කෙසේ නමුත් මෙම කුළුණේ සිදුවු හදිසි ගිනි ගැනීමත් සමඟ අවට පදිංචිකරුවන් දැඩි බියකට පත්ව ඇත්තේ මෙම කුළුණ යම් ලෙසකින් කඩා වැටීමකට ලක්වුවහොත් දැවැන්ත හානියක් අවට ප්රදේශයට සිදුවන්නට බොහෝ දුරට ඉඩ ඇති බව ප්රදේශවාසීන් පවසයි.
කෙසේ නමුත් සුළං කුළුණ ගිනි ගැනිමත් සමඟ එය අයත් පුද්ගලික විදුලි නිශ්පාදන සමාගමට රැපියල් කෝටි ගනනක අලාභයක් සිදුව ඇති බව වාර්තා වෙයි.
මෙයට පෙර පුත්තලම නගරයේ පිහිටි වෙනත් පුද්ගලික සමාගමකට අයත් සුළං කුළුණකද මේ ආකාරයට ගිනි ගැනීමක් වසර කිපයකට පෙර සිදුව තිබු අතර එහිදිද එම කුළුණට විශාල හානියක් සිදුව තිබුණි.
(අද දෙරණ )