Saturday, January 18, 2025

කරුවලගස්වැව මූණමල්ගස් වැවේ මාලු මියයති

Must read

02(5) 03(4) 01(5)

කරුවලගස්වැව,ඉහළ පුලියන්කුලම – මූණමල්ගස් වැව වැවේ මසුන් දින කීපය සිට මිය යාමට පටන් ගෙන ඇති බව ප්‍රදේශවාසීන් කියයි. මෙසේ මිය යාමට පටන් ගෙන ඇත්තේ තෙප්පිලි සහ ලුලා යන මත්ස්‍ය වර්ගයන්ය. මෙම ජලාශයේ ජීවත් වන ලුලා සහ තෙප්පිලි යන මත්ස්‍යයින් පමණක් මිය යාමට හේතුවක් තිබිය යුතු බව ප්‍රදේශවාසීන් කියයි.වැවේ තැන තැන මිය ගිය මත්ස්‍යයින් දැක ගැනීමට හැකියාව ඇත.

මූණමල්ගස්වැව වැවේ මසුන් මිය යාම සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බවත්,වැවේ ජලය පරිහරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් දැණුවත් කිරීමක් සිදු කර ඇති බවත් සාලියවැව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්.එස්.එල්.අතපත්තු මහතා සදහන් කරයි.තවද වැවේ ජල සාම්පල් මේ වන විට ලබා ගෙන ඇති බවත්,ඉදිරි විමර්ශණ කටයුතු සිදු කරන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සදහන් කළේය.


 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article