Sunday, January 19, 2025

කඩොල් ගහට කෙටූ සනත් නිශාන්ත හොට පටලවා ගනියි – හදිසියේම මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරයි

Must read

නඩොල්-ප්‍රශ්නය.jpgබැඅ
රාජ්‍ය  ධීවර අමාත්‍ය සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් මීගමුවේදී අඩවි වන නිලධාරිනිය සම්බන්ධ සිදුවූ සාකච්ඡාව සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් සිදුකර ඇත. එය අද  (12) වනදා රාත්‍රී 9.30ට  පමණ ස්වාධින රූපවාහිනී සේවයේ විකාශය විය. මේ වනවිටත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් සිදුවන ප්‍රචාරය හේතුවෙන් ඔහුට ඒ ගැන පැහැදිලි කිරීමක් සිදුකරන්නට සිදුවී ඇත.  එහිදී ඔහු පවසන්නේ  කවුරුන් හෝ විසින් එම ස්ථානයට හෑරු පස්ගෙනවිත් දමා ඇති අතර ඒවා ළමුන් තුනී කර සෙල්ලම් කිරීමට ආරම්භ කර ඇති බවයි. එසේ නොමැතිව මෙම ක්‍රියාව පිටුපස කිසිදු දේශපාලන අධිකාරියක් නොමැති බවයි. එමෙන්ම මෙම සාකච්ඡාවේදී තමන් ඔක්සිජන් පිළිබදව කිසිවත් නොකී අතර එය පැවසූවේ එම සාකච්ඡාවට පැමිණි පුද්ගලයෙකු බවත් ඔහු පවසයි. තවත් බොරු ගොඩාක් පවසන සනත් නිශාන්ත අමාත්‍යවරයා කරුණු නොපිට හරවමින් තමන්ද කඩොලාන ආරක්ෂාකිරීම වෙනුවෙන් පෙනී සිටින අතර අඩවි වන නිලධාරිණයට අවශ්‍යව ඇත්තේ මෙම ස්ථානයේ ඇති පස් ඉවත්කර, කඩොල් සිටුවා  නැවත ක්‍රීඩා පිට්ටනියක් සැදීමට බවද කියයි.එය අසත්‍යයකි. අඩවි වන නිලධාරිනියට අවශ්‍ය වන්නේ කඩොලාන පරිසරය නැවත යථා තත්ත්වයට පත්කිරීමට විණා එම ස්ථානයේ ක්‍රීඩා පිටියක් සෑදීම නොවේ. එය ඇයගේ කතාවේ පැහැදිලිවම ප්‍රකාශ වෙයි.
කෙහෙල් ගහට කෙටූ කොට්ටෝරුවාට සිදුවූ අකරතැබ්බය සිදුකරගත් සනත් නිශාන්ත අමාත්‍යවරයා තමන් නොදන්නා විෂයක් සමග දේශපාලන ආචාරධර්ම වලට පටහැනිව සිදුකළ යෝජනාවේ වැරැද්ද හැදීමට සැරෙසෙයි. නමුත් ඔහු විසින් සිදුකරන යෝජනාව පාරසරික වැදගත්කමක් ඇති භූමියක් සම්බන්ධයෙන් සිදුකරන අයුතු යෝජනාවක් බව ඔහුට පහදා දෙන්නේ අඩවි වන නිලධාරිනියයි. පසුව ඔහු එම නිලධාරිණියට මෙසේද පවසයි‘ ඔබ නියෝජනය කරන්නේත් ආන්ඩුව ,මම නියෝජනය කරන්නෙත් ආන්ඩුව, ඒ නිසා අපි මේක ප්‍රෙන්ඩ්ලි විසදගම්මු ‘‘ යනුවෙන් පවසයි. නමුත් දේවානි විසින් ‘ නීතියට පිටින් කිසිවක් බෑ‘ යන අභියෝගය ඒ වනවිටත් සභාව ඉදිරියේ ප්‍රකාශ කර අවසන්ය.
සනත් නිශාන්ත මන්ත්‍රිවරයා විසින් පැවසූයේ මෙම ස්ථානයට කවුරුන් හෝ විසින් ගෙන ආ පස් කුඩා දරුවන් විසින් තුනී කරගෙන ඇති බවයි. නමුත් ඔහුට අමතක වූ තවත් දෙයක් ඇත. එම ස්ථානයේ තිබූ කඩොලාන ශාඛ කැපුවේ කවුරුන්ද යන්න ගැනයි. ඒය කුඩා ළමුන් විසින් සිදුකළ දෙයක් විය නොහැකිය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article