මන්නා පිහියක් හා කඩුවක් පෙන්වමින් බියවද්දා වයස අවුරුදු 14 දැරියක් දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි සැකකරුවෙකු ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නියම කළේය.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාර ගතකෙරුණේ කුලියාපිටිය , කිරින්දව ප‍්‍රදේශයේ පදිංචි, ඒ. එම්. සෝමපාල නැමති 40 හැවිරිදි අයෙකි. දැරිය බියවැද්දීමට යොදාගත් බව කියන කඩුවක් සහ මන්නා පිහියක්ද පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙම දැරියගේ මව මියගොස් ඇති බවත්, දැරිය හැදී වැඩෙන්නේ ඇගේ පියා සහ සුඵ මවගේ රැුකවරණය යටතේ බවත් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ කීය. මව සහ සුඵ මව රැකියා සදහා පිටත් වී ගොස් සිටි අවස්ථාවක දැරියගේ නිවසට පැමිණි සැකකරු විසින් ඇයව බියගන්වා දූෂණය කර ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වීය.
ඉදිරිපත් වූ කරුණු පිළිබද සලකා බැලූ නියම කුලියාපිටිය මහේස්ත‍්‍රාත් බන්ධුල ගුණරත්න මහතා සැකකරු ලබන 13 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළ අතර , එදිනට මෙම පැමිණිල්ල පිළිබද මූලික පරීක්‍ෂණ අවසන්කොට චෝදනා ගොණුකරන ලෙසටද පොලිසිය වෙත නියෝග කළේය.
කුලියාපිටිය කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා සාවස්ත‍්‍රි සහ පොලිස් කොස්තාපල් රොහාන් (53314 ) යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙයවූහ.
කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර