Saturday, September 21, 2024

කටුනේරිය ජනතාවගෙන් අලුත් බැනර් කලාවක්

Must read


දැනට මාස කිහිපයක සිට හලාවත-මීගමුව ප්‍රධාන මාර්ගය පළල් කර නැවත කාපට්  ඇතිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. මෙය ආරම්භ වූයේ හලාවත ප්‍රදේශයෙනි.එතැන් සිට වෙන්නපුව ප්‍රදේශය දක්වා මෙලෙස මාර්ගය පළල් කර යළි කාපට් ඇතිරීමේ  ව්‍යාපෘතිය සිදුවෙමින් පවතී. ඒ අනුව මේ දිනවල මෙම ව්‍යාපෘතිය වෙන්නප්ලුව,  කටුනේරිය ප්‍රදේශයේදී සිදුවෙමින් පවතී.

          මේ අනුව ලංකාවේ ප්‍රධාන මාර්ග වසර කිහිපයකට වරක් මෙලෙස කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුවේ. ඒ සඳහා බොහෝවිට ආසියානු සංවර්ධන බැංකුව (ADB) හෝ නොවේසේ  නම් ලෝක බැංකුව ( WB ) මගින් හෝ ලබා දෙන අඩු පොළි ණය සහනාධාර වැඩසටහන් මගින් සිදු වේ. කෙසේ වුවද අවසානයේ එම මුදල් ගෙවා දැමීමට සිදුවන්නේ රටේ  ජනතාවගෙන් එකතුවන බදු මුදල් වලිනි.

           එහෙත් සමහර දේශපාලනඥයන් ඔවුන් විසින් ප්‍රදර්ශනය කරන බැනර් , කටවුට් සහ දැන්වීම් පූවරු වලින් ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නේ මෙම මාර්ග කාපට් කිරීමේ ව්‍යාපෘති තමන්ගේ පෞද්ගලික මුදල් වැය කර සිදුකරන ව්‍යාපෘති ලෙසය. නැතහොත් තමන්ගේ අපරිමිත උත්සාහය ,කැපවීම සහ උනන්දුව නිසාවෙන්ම මෙම ව්‍යාපෘතිය සිදු කර ඇති බවය.  ඇත්තෙන්ම මෙවැනි ක්‍රියාවන් රටට බදු ගෙවන පොදු ජනතාව ගොනාට ඇන්දවීමේ උත්සාහයකි.

        කපටි දේශපාලනඥයන්ගේ මෙවැනි ගොන්පාට් උත්සාහයන්ට නිසි පිළිතුරක් ලබා දී ඇත්තේ කටුනේරියේ ජනතාවයි. පසුගියදා කටුනේරිය ප්‍රදේශයේ මෙවැනි දැන්වීමක් ප්‍රධාන පාරේ ප්‍රදර්ශනය කර තිබිණ. 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article