Sunday, January 19, 2025

ඖෂධ අසාත්මිකවීමකින් කුරුණෑගල රෝහලේදී රෝගියෙකු මියයයි !

Must read

Medical: Syringe

වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 58 හැවිරිදි පුද්ගලයෙකු අකාලයේ මරණයට පත් වූ බව පවසමින් ඔහුගේ ඥාතීහු කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව කියන්නේ බෝගමුල්ල, ආඩිගෙදර ප්‍රදේශයේ පදිංචි ඒ. එම්. කුලරත්න නැමැති පුද්ගලයෙකි.

උණ රෝගයෙන් හේතුවෙන් මෙම පුද්ගලයා කුරුණෑගල  ශික්ෂණ රෝහලේ 4 වැනි වාට්ටුවට පෙරේදා ඇතුළත් කළ බවත්, රෝගියා ඇතුළත් කිරීමේදී ඔහු යම් යම් ඖෂධ කෙරෙහි අසාත්මිකතාවයක් දක්වන බව, එම ඖෂධයන්හි නාමයන් සමග රෝහල වෙත දැනුම්දුන් බවත් මිය ගිය පුද්ගලයාගේ ඥාතීහු කියති. එසේ තිබියදීත් රෝහල් කාර්ය මණ්ලය විසින් ඔහුට අසාත්මික බව කියන ඖෂධ සහිත එන්නතක් ලබා දී ඇති බවත්, එම ඖෂධය අසාත්මිකවීමෙන් ඊයේ (19 දා) දහවල් 12.45 ට පමණ තම ඥාතියා මියගොස් ඇති බවත් ඔහුගේ ඥාතීහු පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වෙයි.

අද දහවල් කුරුණෑගල ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති මියගිය පුද්ගලයාගේ සිරුර පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා විසින් මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණයට ලක්කර අධිකරණය වෙත වාර්තා කරන ලෙසට කුරුණෑගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත නියම කළේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article