බීමතින් රිය ධාවනය කළ රියදුරන් 27 දෙනෙකු සහ ආරක්ෂක හිස්වැසුම් රහිතව ගමන් කළ යතුරුපැදිකරුවන් 138 දෙනෙකු ඇතුලුව අලුත් අවුරුදු උත්සව සමයේදී මාර්ග නීති කඩකරමින් රිය පැදවීමේ යෙදුණු රියදුරන් 187 දෙනෙකුට එරෙහිව කුලියාපිටිය පොලිස් රථවාහන අංශය විසින් නඩු පවරා තිබේ.
ඉහත වැරැදිවලට අමතරව යතුරුපැදිවල ඉන්ධන ටැංකිය මත අනාරක්ෂිත ලෙස කුඩා දරුවන් රැගෙනයාමේ වැරැදි 22 ක්ද වාර්තාවී ඇති අතර ඔවුන්ට එරෙහිවද නඩු පවරා තිබේ.
කුලියාපිටිය මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක අජිත් ප්රියන්ත මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුරංග දහනායක මහතා ඇතුලු අංශයේ නිලධාරීන් විසින් පොලිස් මුරකපොලු යොදවා කළ රථවාහන පරීක්ෂාවන් හේතුවෙන් මෙවර උත්සව සමයේ රථවාහන අනතුරු අඩුකරගැනීමට හැකි වූ බව කුලියාපිටිය පොලිසිය කියයි.