යාපහුව ප්රදේශයේ සිට කොළඹ බලා හිංසාකාරී සහ නීතිවිරෝධී අයුරින් ප්රවාහනය කරමින් සිටි එඵවන් 51 දෙනෙකු සහ සැකකරුවන් දෙදෙනෙකු මහව මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (06 දා ) අත්අඩංගුවට ගනු ලැබූහ.
පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ දළදාගම මංසන්ධිය ආසන්නයේ රාත්රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සැකකටයුතු වෑන් රථයක් නවතා පරීක්ෂාකර බැලීමේදී එහි ඇතුළත කොටසේ පීඩාකාරී අයුරින් ප්රවාහනය කරමින් සිටි එඵවන් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් එඵවන් අතර ගැබ්බර එඵ දෙනුන් සහ කිරි බොන වයසේ පැටවුන් විශාල ප්රමාණයක් සිටින බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කටුපොත ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර මස් පිණිස ඝාතනය කිරීම සදහා මෙම එඵවන් ප්රවාහනය කරමින් සිටි බව පොලිස් ප්රශ්න කිරීම්වලදී අනාවරණය කර තිබේ.
සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මහව මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ආර්. ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.
මහව එස්. කේ. ජයසේකර / වීරරත්න බණ්ඩාර