Sunday, January 19, 2025

එදා වේල හොයාගන්න බීඩී ලේබල් ඇලවූ පුංචි අම්මයි, දුවයි වෑන් මාරයෙකු බිලිගනී (VIDEO)

Must read

barandana_11කුරුණෑගල – කැප්පිටිගල මාර්ගයේ බරන්දන ප‍්‍රදේශයේදී පාගමනින් ගමන්කරමින් සිටි කාන්තාවන් දෙදෙනෙකු ඒ පිටුපසින් පැමිණි වෑන් රියකට යටවීමෙන් අද (30 දා ) උදෑසන එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූහ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ බරන්දන, හොප්වෙල්වත්ත ප‍්‍රදේශයේ පදිංචි එස්. පී. අනුලාවතී නැමැති 56 හැවිරිදි කාන්තාවක් සහ ආර්. ඩී. අයිරාංගනී රාජපක්ෂ නැමැති 38 හැවිරිදි කාන්තාවකි. මිය ගිය කාන්තාවන් දෙදෙනාම එක් දරු මව්වරුන් වෙති.

කෑලි පදනම මත බීඩිවලට ලේබල් අලවා සිය ජීවිකාව සරිකරගෙන ඇති මෙම කාන්තාවන් දෙදෙනා ඥාතිත්වයෙන් පුංචිඅම්මා සහ දියණිය වෙති. සුපුරුදු පරිදිම අද දිනයේදීත් මෙම කාන්තාවන් දෙදෙනා පෙර දිනයේදී ලේබල් අලවා අවසන් කළ වූ බීඩි තොගයක් ඊට නුදුරින් පිහිටි බීඩි කර්මාන්තශාලාව වෙත භාරදීමටයමින් සිටියදී අද උදෑසන 6. 30 පමණ මෙලෙස අනතුරට ලක් වී තිබේ.ඔවුන් අනතුරට ලක් කළ වෑන් රථය කොළඹ සිට මාතලේ බලා ඇගලුම් අමුද්‍රව්‍ය තොගයක් ප‍්‍රවාහනය කරමින් තිබූ එකකි. කාන්තාවන් දෙදෙනා යටකරගෙන ඉදිරියට ධාවනය වූ වෑන් රථය එතැන සිට මීටර් දෙසියයකට ආසන්න දුරක් ගොස් වී නැවතී තිබිණි. අනතුරින් කෝපයට පත් ප‍්‍රදේශවාසීන් විසින් ගල් මුල්වලින් පහරදීම නිසා වීදුරු බිදී ගොස් ඊට දැඩි ලෙස අලාභහානි සිදු වී තිබූ අයුරු දැකගත හැකි විය.

අද දහවල් අනතුර සිදු වූ ස්ථානයට පැමිණි වෑඋඩ කෝරළයේ හදිසි මරණ පරීක්ෂක ආර්. එච්. කරුණාරත්න මහතා විසින් මිය ගිය කාන්තාවන් පිළිබදව හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සදහා මෘත දේහයන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවනු ලැබීය.

අනතුර සම්බන්ධයෙන් මාතලේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු බව කියන වෑන් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වෑන් රථ රියදුරු ඊයේ (29 දා ) දිනයේදී මාතලේ සිට කොළඹ බලා ගොස් එහිදී ඇගලුම් අමුද්‍රව්‍ය තොගයක් පටවාගෙන ආපසු මාතලේ බලා එමින් සිටියදී මෙලෙස අනතුරට ලක් වී ඇති බව පොලිසිය කියයි. නින්දයාම හේතුවෙන් තමන්ට වෑන් රථය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගිය බවත්, එම අවස්ථාවේදී මාර්ගය අයිනෙන් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනා වෑන් රියට යට වූ බවටත් වෑන් රථ රියදුරු විසින් පාපොච්චාරණය කර ඇතැයි ඒ පිළිබද පරීක්ෂණ පවත්වන මාවතගම පොලිසිය කියයි.

එම අනතුරේ වීඩියෝ සහ ඡායාරූප පහත දැක්වෙයි.

barandana_1 barandana_2 barandana_3 barandana_6 barandana_5 barandana_4 barandana_9 barandana_10 barandana_7 barandana_8

llscreen”>

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article