Sunday, January 19, 2025

එකම අංකෙන් දුවපු වාහන දෙකයි, අංක දෙකකින් දුවපු එකම වාහනෙයි නාරම්මලින් මාට්ටු.

Must read

වාහන අමතර කොටස් මෙරටට ගෙන්වා නීතිවිරෝධී අන්දමින් ඒවා එකලස් කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකු සහ එලෙස එකලස් කර තිබූ වාහන කිහිපයක් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් නාරම්මල ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ නාරම්මල, පේරගස්ඇල්ල ප‍්‍රදේශයේ පදිංචි වාහන අමතර කොටස් අලෙවිකිරීමේ ව්‍යාපාරයක් හිමි ව්‍යාපාරිකයෙකි. සැකකරු මෝටර් රථ ධාවකයෙකු ලෙස නමක් දිනා සිටින අයෙකු බවද පොලිසිය කියයි. ලියාපදිංචි අංක දෙකක් යොදාගනිමින් ධාවනය කරවූ ආපදා රථයක් මෙන්ම එකම ලියාපදිංචි අංකයක් සහිතව ධාවනය කළ මෝටර් රථ දෙකක්ද මෙම වැටලීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වසර 15කට ආසන්න කාලයක් තිස්සේ වාහන අමතර කොටස් මෙරටට ගෙන්වා නීතිවිරෝධී අන්දමින් එකලස් කිරීමේ ජාවාරමක යෙදී ඇති බවටත්, ඒ පිළිබදව ලැබුණු තොරතුරු මත මාස තුනක පමණ කාලයක් තිස්සේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශන අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.

එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ දෙක

narammala_ bud_1 narammala_ bud

අංක දෙකකින් ධාවනය කළ එකම ආපදා රථය

narammala_ bud_3 narammala_ bud_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article