Saturday, November 23, 2024

උණ වැළදුන තරුණයෙකු මියයාම නිසා මුන්දලම රෝහල වසා විෂභීජහරණය කරයි

Must read

10155954gossiplankaඋණ සහ සෙම රෝගයෙන් පෙළුණු 23 හැවිරිදි තරුණයෙකු මුන්දලම රෝහලට අද උදේ ඇතුල් කර ඇති අතර   මෙම තරුණයා ඇතුල් කර ටික වේලාවකදී මියතොස් තිබේ. ඉන්පසුව මුන්දලම රෝහලේ  පරිපාලන නිලධාරීන් විසින් පුත්ලම් දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයාවද දැනුවත් කර රෝහල තාවකාලිකව වසා දමන ලදී. පසුව රෝහල විෂභීජහරණය කිරීමෙන් පසුව මුන්දලම රෝහල නැවත විවෘත කර ඇති බවත් වාර්තාවේ.  මෙසේ මියගිය තරුණයා  මුන්දලම මහසෙම්බුකුලිය ප්‍රෙද්ශයේ ජීවත්වන සිය මව බැලිම සදහා ගොස් සිටි අවස්ථාවේදී මේ ආකාරයට අසනීප වී ඇති බව වාර්තා වේ.  මොහු  මාරවිල නැගෙනහිර වීරහේන ප්‍රෙද්ශයේ  පදිංචිකරුවෙක් පවද වාර්තා වේ. ඔහුගේ රුධිර සාම්පල මේවනවිට  පරීක්ෂාව සදහා ගෙනගොස් ඇති අතර කොවිඩ් 19 ආසාධානය වී ඇති බවට මේ වන තෙක්  තහවුරු වී නොමැති බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.


 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article