Sunday, January 19, 2025

උඩප්පුවේ සිදුවන මහා පරිමාන වැලි කැපිල්ලට ගම්වාසීන්ගේ විරෝධය

Must read

39

 

උඩප්පුව ප්‍රදේශය තුළ සිදු කරන අසීමිත වැලි කැපීම් සහ වැලි ප්‍රවාහනය කිරීම් වලට එරෙහිව සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් පසුගිය 03 වැනිදා සිදු කරන ලදි.

උඩප්පුව හින්දු දේවස්ථාන සභාව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

උඩප්පුව නගරයට එක් වූ ප්‍රදේශවාසීන් අනතුරුව වැලි කැපීම් සිදු කරන ස්ථානය අසලට පා ගමනින් ගොස් විරෝධතාවයේ නිරත විය.

බටහිරෙන් මුහුදත්,නැගෙනහිරෙන් කලපුවටත් මැදිවූ පුංචි දූපතක් ලෙස උඩප්පුව ප්‍රදේශය හැදින්විය හැක.මුහුදු තීරයේ පිහිටා ඇති ස්වාභාවික වැලි කදු හේතුවෙන් මුහුද සහ කලපුව වෙන් වී තිබෙන බවක්ද දක්නට ඇත.මෙම මුහුදු තීරයේ ඇති වැලි කදු ආශ්‍රිත ප්‍රදේශ සංරක්ෂිත කලාපයක් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශයට පත් කර ඇත.ඒ අනුව වැලි කදු සහිත ප්‍රදේශ වල කැණීම් කටයුතු සිදු කිරීම සපුරා තහනම් වේ.

මේ අතර උඩප්පුව – පුනපිටියේ පිහිටි තම ඉඩම තුළ වැවක් කැපීම සදහා නිකවැරටියේ පදිංචිකරුවෙකු විසින් වයඹ පළාත් වාරි මාර්ග අධ්‍යක්ෂකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.2019අගෝස්තු මස 28 වැනිදා වයඹ පළාත් වාරි මාර්ග අධ්‍යක්ෂකවරයා ඒ සදහා අවසරය ලබා දී ඇත.එහිදී කොන්දේසි කීපයක්ද පනවා ඇත.ඉවත් කරණු ලබන වැලි පිටස්තරට ප්‍රවාහනය කරන්නේ නම් ඒ සදහා පතල් හා කැණීම් කාර්යංශයෙන් අවසර ලබා ගත යුතු බවට වූ කොන්දේසියක්ද පළාත් වාරි මාර්ග අධ්‍යක්ෂක ජේ.එස්.ජයතිස්ස මහතා  විසින් නිකුත් කර ඇති ලිපියේ සදහන් වේ.

නමුත් එම කොන්දේසි වලට පටහැනිව අදාල ඉඩමේ හිමිකරුවා විසින් ඉවත් කරන ලද වැලි පිටස්තර ප්‍රදේශ වලට ප්‍රවාහනය කිරීමට පසුගිය රජය සමයේ සුදානම් විය.නමුත් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාවය හේතුවෙන් එය අතර මග නතර විය.නමුත් වැලි,මැටි ප්‍රවාහනය කිරීමට පනවා තිබූ කොන්දේසි වත්මන් රජය විසින් ලිහිල් කිරීමත් සමග අදාල ඉඩමේ ඉවත් කර තිබූ වැලි පිටස්තර ප්‍රදේශ වලට ප්‍රවාහනය කිරීමද එහි හිමිකරුවා කටයුතු කර ඇත.මේ සදහා විශාල ප්‍රමාණයේ ටිපර් රථ යොදා ගෙන තිබුණි.නමුත් උඩප්පුව – පුනපිටිය මාර්ගයේ ගමන් කළ හැක්කේ ටොන් 10 ට වඩා අඩු බරකින් යුක්ත වාහන පමණක් වන බැවින් උඩප්පුව පොලීසිය වහා ක්‍රියාත්මක වී ටිපර් රථ කීපයක් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදි.

අනතුරුව කුඩා ප්‍රමාණයේ ලොරි වලින් අදාල ස්ථානයේ සිට වැලි ප්‍රවාහනය කිරීමට හිමිකරුවා කටයුතු කර ඇත.දිනකට ලොරි 200 කට වැඩි ප්‍රමාණයකින් මෙම ස්ථානයේ සිට පිටස්තර ප්‍රදේශ වලට වැලි ප්‍රවාහනය කරන බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.මෙම තත්ත්වය නිසා මෑතකදී කාපට් අතුරන ලද උඩප්පුව – පුනපිටිය මාර්ගයටද හානි වන්නට පටන් ගෙන ඇත.එමෙන්ම මෑතකදී ඉදිකරන ලද උඩප්පුව මෝය කට හරහා ඇති පාලමටද ඉන් බලපෑමක් එල්ල විය හැකි බව විරෝධතාවයට එක්ව සිටි පිරිස් කියා සිටියේය.54

වැලි කැණීම් සිදු කරන්නේ බලපත්‍ර ලබා ගෙන වන බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු කිරීමට තමන්ට හැකියාවක් නොමැති බව උඩප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා විරෝධතාකරුවන් හමුවේ කියා සිටියේය.

කිසියම් කැණීමක් සිදු කිරීමට ප්‍රථම ඒ සදහා ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයෙන් අවසර ලබා ගත යුතු නමුත් මෙම කැණීම් සදහා කිසිදු අවසරයක් ලබා ගෙන හෝ අඩුම තරමින් දැණුම් දීමක් වත් කර නොමැති බව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.තෙච්චනාමුර්ති මහතා විරෝධතාවය අතර තුර මාධ්‍ය හමුවේ පවසීය.

අසීමිත ලෙස සිදු කරන වැලි කැනීම් නිසා ප්‍රදේශයේ භූගත ජලයට පවා බලපෑම් එල්ල විය හැකි බව විරෝධතාවයට එක්ව සිටි පිරිස් කියා සිටියේය.

මෙම වැලි කැපීම සහ ප්‍රවාහනය නිසා සිදුවන පාරිසරික හානිය සහ අනතුරු දායක තත්ත්වය සම්බන්ධයෙන් උඩප්පුව හින්දු දේවස්ථාන පරිපාලක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මගින් දැණුම් දීමටද කටයුතු කර ඇත.

මේ අතර සිදු කරණු ලබන කිසියම් කැණීමකට විරෝධතාවයක් මතු වන්නෙක් නම් එම කැණීම් සදහා ලබා දී ඇති අවසර පත්‍ර අවලංගු කිරීමට පසුගිය 27 වැනිදා රැස්වූ පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තීරණය කරන ලදි. පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව රැස් වන ලදි.47 23(1) 07 03(1) 05 49

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article