Saturday, November 23, 2024

ඉස්සන් පොකුණු හැදීමට අඹකදවිල කඩොලාන භූමියක් විනාශ කරයි

Must read

kadol-chilaw1  ඉස්සන් ඇති කිරිම පිණිස පොකුණක් සකස් කර ගැනීම ට දේශපාලන හයියක් ලබා ගෙන කෙරෙන තවත් කඩොලාන ශාඛ විනාශයක් සම්බන්ධ තොරතුරු හලාවත අඹකදවිල වැලිහේන ගම්මානයේ ධීවර ජනතාව හෙළි කරති. අඹකදවිල වැලිහේන කලපු රක්ෂිතයේ බෝට්ටු තොටුපලට ආසන්නයේ සාර්ථක කඩොලාන වගාවක් පවතින අතර ඊට ආසන්නයේ සමහර පෞද්ගලික ඉඩම් වල සමහර ව්‍යාපාරිකයින් කාලෙක සිට ඉස්සන් පොකුණු පවත්වා ගෙන යමින් ඉස්සන් වගාව සිදු කරති. ඔවුන් තම ඉස්සන් පොකුණු සදහා නිසි බලධාරින් වෙතින් අවශ්‍යය අවසර පත්‍ර ලබා ගෙන ඇති බවත් කියති. පසුගිය කාලයේ දි ඉස්සන් පොකුණු ව්‍යාපාරය පාඩු ලබන තත්ත්වයක පැවැතියත් ‘වනමි’ නමැති ඉස්සන් ප්‍රභේදයක් හදුන්වා දිමෙන් පසු මේ වන විට ඉසද්සන් වනගාවෙන් විශාල ආදායමක් ලබා ගත හැකි වුවත් අළුතින් පොකුණු සකස් කර බවත්වා ගෙන යාමට බාධාවක් වි ඇත්තේ ඒ සදහා අවශ්‍යය ඉඩම් ලබා ගැනිමට නොහැකිව තිබිම නිසාය . එහෙත් පසුගිය මහා මැතිවරණයේ උණුසුම පහව යාමත් සමගම නව ආණ්ඩුවක් පත්කිරිමට සක්‍රිය දායකත්වය ලබා දි ඇති කණ්ඩායමක් මේ වන අඹකදවිල වැලිහේන ධීවර ගම්මානයේ කලපු රක්ෂිතයේ කඩොලාන වගාව කපා දමමින් නිති විරෝධිව ඉස්සන් පොකුණු සකස් කිරිමේ සුදානමක් ඇති බව ගම්වාසින් පෙන්වා දෙති. දිවා කාලයේ මෙම කඩොලාන ශාඛ විනාශය සිදු නොවුනත් සමහර රාත්‍රි කාලයේ සහ රජයේ නිවාඩු දිනවල මෙම විනාශය බාධාවකින් තොරව කර ගෙන යන බවත් කියති. ඒ ආසන්නයේ පිහිටි තම ඉස්සන් පොකුනු සදහා අවශ්‍යය අමතර පොකුණු සකස් කර ගැනීමට මෙම වන විනාශය සිදු කරණ බවත් කියති.. ඊට එරෙහි වන අයට යම් යම් තර්ජනයන් පවා මේ වන විට එල්ලවෙමින් පවතින බවත් ගම්වාසින් පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් තමන් මේ වන විට වන සංරක්ෂණ නිලධාරින්ට ද ලිඛිඅතව දැනුම් දුන් බවත් ඔවුහු කියති.
ඒ අනුව මේ සම්බන්ධයෙන් හලාවත අඩවි වන නිලධාරි ආර්.ඒ.සී.ඩි. රණසිංහ මහතාගෙන් විමසිමි.ඒ මහතා මෙසේ කිය.
”ඔය කියන වැලිහේනේ කලපු රක්ෂිතයේ සිදු කෙරෙන බව කියන කඩොලාන ශාඛ විනාශ කරණ බවට ‍මේ දක්වා මා දැනුවත් කර නැහැ. ඔබ තමයි එය මට දැන්වුවේ පළමුවරට. කිසිම අයෙකුට කිසිම ආකාරයට කලපු රක්ෂිතයක ඇති කඩොලාන කපා ඉවත් කිරිමට හෝ වෙනත් කිසිම කාර්යයක් කිරිමට කිසිදු අවසරයක් ලබා දෙන්නේ නැහැ. අපි වහාම වැලිහේනේ සිදු කරණ බව කියන කඩොලාන විනාශය ගැන සොයා බලන්නම්.එසේ වැරදි කර ඇති අයට අපි නිත්‍යාණුකුලව පියවර ගන්නවා.”


ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article