Sunday, January 19, 2025

ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකය අප්‍රිෙය් 09 වෙනිදා විවෘත වේ

Must read

 

04(4) 05(3) 06(1)

හලාවත – ඉරණවිල ස්ථාපනය කර ඇති කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය අනාගතයේදී මෙරට ඇති වසංගත රෝග මර්ධන රෝහලක් බවට පත් වන බව එම ප්‍රතිකාර මධ්‍යස්ථානය බාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී දිමුත් පොන්වීර මහතා පැවසීය. ඉරණවිල නව කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

ලබන 09 වැනිදා නව කොවිඩ් 19 ප්‍රතිකාර ඒකකය සෞඛ්‍ය ඇමතිනියගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව ඇත.

අතීතයේදී ඇමරිකන් හඩ ගුවන් විදුලි සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය ගොඩනැගිලි සංකීර්ණය තුළ නව කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කරන ලදි.අතහැර දමා තිබූ ගොඩනැගිලි සංකීර්ණය නවීකරණය කිරීම යුධ හමුදාවේ යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් සිදු කර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරණවිල කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය බාර ප්‍රධාන වෛද්‍ය නිලධාරී දිමුත් පොන්වීර මහතා මෙසේද පැවසීය.

“කොවිඩ් 10 වෛරසය ආසාධනය වූ බවට සැකකරන රෝගීන්ව ගෙනවිත් පරීක්ෂණ කටයුතු සිදු කිරීම තමයි මෙම ස්ථානයේ දී සිදු කරන්නේ.රෝගීන් 40 දෙනෙකුව එක්වර නේවාසික කර පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් මෙම මධ්‍යස්ථානය තුළ ස්ථාපනය කර තිබෙනවා.මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළු කර ගන්නා සැක කටයුතු රෝගීන්ව දින 02 ක් හෝ ඊට වැඩි කාලයක් රදවාගෙන අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමයි සිදු වන්නේ.අනතුරුව එම අය නිශ්චිතවම කොවිඩ් 19 වෛසරය අසාධිතයෙකු බවට හදුනා ගත හොත් අයි.ඩී.එච්.රෝහලට මාරු කර යැවීම කරනවා.එසේත් නොමැති නම් නීරෝධායන උපදෙස් ලබා දී මුදා හැරීමයි සිදු වන්නේ.

කෙසේ වෙතත් මෙම ස්ථානය වසංගත රෝග මර්ධන රෝහලක් බවට පත් කිරීමයි අපේ අරමුන වී තිබෙන්නේ.ඒ සදහා අවශ්‍ය කරන වට පිටාව සහ සෙසු පහසුකම් තිබීම ඉතා වැදගත් බව පැවසිය යුතුයි.”

මෙහිදී අදහස් දැක්වූ හිටපු සංචාරක රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.”ඉරණවිල ස්ථාපනය කරන කොවිඩ් 19 ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉතා වැදගත් ස්ථානයක්.මා විශ්වාස කරන ආකාරයට කොළඹ අයි.ඩී.එච්. රෝහලට පසුව ඉතාමත්ම පහසුකම් ඇති ස්ථානය මෙයයි.ප්‍රතිකාර සදහා පැමිනෙන රෝගීන්ට සුදුසු වටපිටාවක් මෙම ස්ථානයේ නිර්මාණය වී තිබෙනවා.චීනය දිවස් කීපයකින් රෝහලක් හැදුවා සේ සමානයි අපේ හමුදා නිලධාරීන් සහ සෙසු සෙබළුන් දින කීපයක් තුළ සිදු කර ඇති කාර්ය භාරය. මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය සියල්ල මේ වන විට ලැබී තිබෙනවා.අපි විශ්වාසර කරනවා මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් මෙම ප්‍රදේශයේ මෙන්ම රටේ ජනතාවටත් විශාල සේවාවක් කළ හැකි බව.”

අඹකදවිල මීසම් පාලක පීටර් බොතේජු පියතුමන් අදහස් දක්වමින් මෙසේ පැවසීය.”මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කිරීම සදහා හලාවත රදගුරු තුමන්ගේ ආශීර්වාදය ලැබී තිබෙනවා.ඒ වාගේම මෙම ස්ථානය අවට පදිංචිකරුවන් මේ සදහා විශාල දායකත්වයක් ලබා දෙනවා.එයආදර්ශමත් ක්‍රියාවක්.රට පත්වී තිබෙන තත්ත්වයෙන් මුදා ගැනීමට නම් අපි විවිධ කැප කිරීම් කළ යුතුයි.ඒ බව ඉරණවිල අවට පදිංචිකරුවන් පෙන්වා තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී පුත්තලම දිස්ත්‍රික් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය කුෂානි දබරේරා මහත්මියද අදහස් දැක්වූවාය.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article