ඉරණවිල කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 64 ක් වන අයෙකු මිය ගොස් ඇත. මෙම පුද්ගලයා මියගොස් ඇත්තේ පසුගිය 09 වැනිදායි. හලාවත – ජයබිම පදිංචි ඔහු පසුගිය 08 වැනිදා ඔහු උණ රෝගයට ප්‍රතිකාර ගැනීම සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.රෝහලේදී සිදු කරන ලද රැෆිඩ් ඇන්ටජන් පරීක්ෂාවේදී ඔහු කොරෝනා ආසාධිත අයෙකු බවට හදුනා ගෙන ඇත.ඒ අනුව ඔහුව ප්‍රතිකාර සදහා ඉරණවිල කොවිඩ් – 19 ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇත.ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථායේ ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර එම අය මිය ගොස් ඇත.