ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පෙරේදා (23 දා) එම විද්‍යාලයේ පී. එම්. ජයතිලක ශාලාවේදී පැවැත්විණි.
එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරු ඩී. එම්. අබේරත්න මහතාද සහභාගි වූහ. විද්‍යාලීයිය ආදි ශිෂ්‍ය, ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධර්ම ශ්‍රි බණ්ඩාර ඒකනායක මහතා ඇතුලු තවත් ආදි ශිෂ්‍යයින් පිරිසක්ද ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක් වී සිටියහ.
2015 වසරේදී අධ්‍යාපනික සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලින් විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසු සිසුවියන් සහ ඔවුන් ඒ සදහා යොමු කළ ගුරු මහත්ම මහත්මීන් මෙහිදී ඇගයීමට ලක්කෙරිණි.
විද්‍යාලීයිය සගරාව වන සාධනා සගරාවේ නව කලාපයද ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිනි නිරෝධා අබේවික්‍රම මහත්මිය විසින් මෙහිදී ආරාධිතයින් වෙත පිළිගැන්වූවාය.
ත්‍යාග ප්රදානෝත්සවය විශේෂ අවස්ථාවන් කිහිපයක් වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.