රුපියල් කෝටි 03 ක වියදමින් ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාල භූමියේ ඉදිකෙරුණු තෙමහල් තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අතින් අද (08 දා) පස්වරුවේ විවෘත විය. මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, හිරියාල එජාප සංවිධායක ජගත් මංජුල යාපා යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද සහභාගි වූහ.
මෙම විවෘත කිරීමේ උත්සවයේ සුවිශේෂි අවස්ථාවන් සහිත වීඩියෝව පහත දැක්වෙයි.