Friday, November 22, 2024

ඉබ්බාගමුවෙන් තේ කුඩු ගාණට මත් කුඩු මතු වෙයි. මාසයක් තුළ තෙවැනි කුඩු තොගයත් අල්ලයි.

Must read

ඉබ්බාගමුව සහ ඒ අවට ප‍්‍රදේශවලට මත් කුඩු බෙදාහැරීමේ යෙදී සිටි බව කියන තවත් මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ ඔහු සන්තකයේ තිබූ හෙරොයින් මිලි ග‍්‍රෑම් 275 ක් ගොකරැල්ල පොලිස් ස්ථානයේ දූෂණ විමර්ශණ අංශයේ නිලධාරීහු විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙලෙස අත්අඩංගුවට ගැණුනේ පාන්ගොල්ල, කරගහපිටිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මෙම සැකකරු විසින් කලෙක සිට ඉබ්බාගමුව , කඳුලව , කුඹුක්ගැටේ , මාඑළිය , පොල්පිතිගම ඇතුඵ ප‍්‍රදේශ ගණනාවකට මත්කුඩු බෙදාහැරීමේ යෙදී සිටි අයෙකු බවත් , මත්කුඩු වැරදි සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා ගණනාවකදීම අධිකරණයෙන් දඩුවම් ලබා සිටින අයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මාසයක කාලයක් තුළ ඉබ්බාගමුව ප‍්‍රදේශයෙන් මත්කුඩු අත්අඩංගුවට ගැණුනු තෙවැනි අවස්ථාව මෙය වන අතර ඉකුත් ජූනි 08 වැනිදා කුරුණෑගල කොට්ඨාශ විස මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය විසින් කළ මෙහෙයුමකදී ඉබ්බාගමුව සහ අවට ප‍්‍රදේශවලට බෙදාහැරීම මත් කුඩු ජාවාරම්කරුවෙකු ඇතුඵ සිව්දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ගොකරැල්ල පොලිස් ස්ථානයේ දූෂණ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින්ම ඉකුත් ජූනි 27 වැනිදා කළ වැටලීමකදී මත් කුඩු බෙදාහැරීමේ යෙදී සිටි බව කියන අඹු සැමි යුවළක් ඇතුඵ පුද්ගලයින් තිදෙනෙකු සහ තවත් හෙරොයින් තොගයක්ද අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අනුව මාසයක කාලයක් තුළදී ගොකරැල්ල පොලිස් වසමෙන් පමණක් හොරොයින් මිලි ග‍්‍රෑම් 2431 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ හෙරොයින් තොගය කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා ගත් රඳවා ගැනීමේ නියෝග මත ගොකරැල්ල පොලිසිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.කුරුණෑගල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩා යන මහත්වරුන්ගේ උපදෙස් මත ගොකරැල්ල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආනන්ද අබේරත්න මහතාගේ මෙහෙයවීමෙන් , එහි දූෂණ වැටලීම් අංශ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක එච්. ඒ. එස්. කේ. ජයරත්න මහතා සහ පොලිස් සැරයන් අරුණ ශාන්ත (24216) , බණ්ඩාර , (58066) සහ පොලිස් කොස්තාපල් අධිකාරි (78712) , වීරසිංහ (16658) , අජිත් (49934) , දසනායක (79953) සහ කුමාර (73274) යන නිලධාරීහු විසින් වැටලීම සිදු කර හෙරොයින් තොගය සහ සැකකරු අත්අඩංගුවට ගනු ලැබූහ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article