Saturday, January 18, 2025

ඉපලෝගම රජ්ජුරුවන්ගේ අවසන් ගමනට ශ්‍රී ලංකා පොලිස් බලඇණියක්ම ඇවිත්.

Must read

ipalogam

මෙය ටිකක් අමුතු කතාවකි. ඔහු කා අතරත් ප්‍රසිද්ධව සිටියේ රජතුමා නමිනි. ඊට හේතුව ඔහු තරුණ කාලයේ නාට්‍යයක රජ කෙනෙකුගේ චරිතය රඟදැක්වීමයි. ඔහු කෙතරම් සාර්ථකව එම චරිතය නිරූපණය කළේද යත් නිරන්තරයෙන්ම නාට්‍ය සංදර්ශනවලදී ඔහුට රජුගේ චරිතයම හිමි විය. මේ හේතුවෙන් ඔහුට රජතුමා යන නම පටබැඳුනේ අපහාසාත්මක අර්ථයකින් නොවේ, ගෞරවණීය ලෙසයි. හැත්තෑ තුන් හැවිරිදි විය වන විටත් නිකවැරටිය – මහව පාරේ මග අයිනේ බඩ ඉරිඟු විකීණීමෙහි යෙදී සිටි ආර්.අයි. බී. සිරිසේන මහතා මහව, ඉපලෝගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පසුගිය දිනෙක අලුයම පහට පමණ තම ව්‍යාපාරය සඳහා යමින් සිටි සිරිසේන මහතාට වල් අලි ප්‍රහාරයක් එල්ල විය. අසල්වාසීන් ඉතා ඉක්මනින් ඔහු නිකවැරටිය රෝහලට ගෙනගිය අතර එතැනින් කුරුණෑගල රෝහලට මාරු කර යැවූ නමුත් අතරමග දී ඔහු මිය ගියේය. දේහය නිවසට ගෙනඒම එදින පස්වරුවේ සිදුවූ අතර ඒ වනවිටත් අවට ගම් රැසක ජනතාව මෙම සිදුවීමෙන් කුපිත වී සිටියහ. ඔවුන්ගේ සැලසුම වූයේ පසු දින දේහය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට තබා උද්ඝෝෂණය කිරීමයි. නිරන්තරයෙන් වල් අලි තර්ජනයට ලක් වන ඉපලෝගම සහ අවට ගම්වල ජනතාව මෙම මරණය හේතුවෙන් ඒකරාශී වෙමින් සිටි බව දැනගත් පොලිසිය එම ස්ථානයට බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා තිබිණි.

උද්ඝෝෂණය පිළිබඳව තොරතුරු පොලිසියේ ඉහල නිලධාරීන් වෙත වාර්තා විය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඔවුන් අධිකරණ නියෝගයක් ලබාගෙන උද්ඝෝෂණය නැවැත්වීමට කටයුතු කළහ. එහෙත් අවසන් කටයුතු සිදුවන මොහොත වන විටත් සංවිධානය වූ පිරිස පොලිසියට ඇඟවූයේ තමන් කෙලෙස හෝ උද්ඝෝෂණය සිදු කරන බවයි. තමා අවට ගැවසෙන බුද්ධි නිලධාරීන් හොඳින් හඳුනාගෙන සිටි උද්ඝෝෂකයෝ ඔවුන් නොමග යවමින් විශාල උද්ඝෝෂණයකට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බව ඇඟවූ නමුත් එවැණි කිසිවක් සිදුවෙම්න් නොපැවතිණි. අවසානයේ දී දේහය සුසාන භූමියට ගෙනයන විට පොලිසියේ බස්රථ හා ලොරි රථ පිරෙන්නට පොලිස් නිලධාරීන් මග දෙපස රඳවා තිබිණි. ගම් වැසියන් උපහාසාත්මක සිනහවකින් පොලිසියට සංග්‍රහ කරමින් ඉතා සාමාන්‍ය ආකාරයෙන් දේහය මිහිදන් කළහ. එහෙත් අවසානයේ දී එම ස්ථානයේ රැඳී සිටි පොලිස් ස්ථානාධිපති වරයාට ඔවුන් ස්තුති කලේ ”අපේ රජතුමාගේ අවමගුලට මේ තරම් නිලධාරීන් පිරිසක් යොදවා රාජ්‍ය ගෞරව දැක්වීම ගැන ස්තුතියි” කියමිනි.

සටහන සහ ඡායාරූප – වාරියපොල නිසංකා අබේරත්න

ipalogama_6

ipalogama_1

ipalogama_2

ipalogama_3

ipalogama_4

ipalogama_5

ipalogama_7

ipalogama_10

ipalogama_9

ipalogama_8

ipalogama_11

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article