
අපේ‍්‍රල් මස මුල ගිනිකොනදිග නේපාලයේ මුස්ලිම් පල්ලියක වාසය කළ ඉස්ලාමීය මිෂනාරි කන්ඩායමේ සාමාජිකයින් 13 දෙනෙකුට කොවිඩ් වෛරස් ආසාදනය වී තිබුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මාර්තු මාසයේදී දිල්ලියේ පැවති ආගමික රැස්වීමකට සහභාගි වි ආපසු පැමිණි ඉන්දියානු ජාතිකයන් වූ නිසාම ඔවුන්ට කොරෝනා ආසාධනයවීම, කොවිඩ් 19 පිලිබද සුපිරි ව්‍යාප්තික සිදුවීමක්” නේපාලයේ සමාජය තුළ විශාල ආන්දෝලනයක් ඇතිවිය.
මේ වනවිට ඉන්දියාව තුල මුස්ලිම්වරුන්ට එරෙහිව අන්තර්ජාල මාර්ගයෙන් හා භෞතිකව සිදුවන ප්‍රහාර වර්ධනයවීමේ ප්‍රවනතාවය අනුව එය නේපාලය තුළටද ව්‍යාප්තවීම පිළිබඳව නේපාල මුස්ලිම්වරු බිය වී සිටිති.
නේපාලයේ මුස්ලිම්වරුන්ගේ අස්ථිර තත්වය
නේපාලයේ ජනගහනයෙන් 5% ක් පමණ මුස්ලිම් ජාතිකයින් වන අතර සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා ප්‍රවේශය මෙන්ම ජීවන තත්ත්වය අනුව මෙම කණ්ඩායම සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු ය. ඉතිහාසයේ සිටම ප්‍රාන්තයෙන් සහ පළාත් පාලන ආයතනවලින් සීමිත භෞතික ආරක්ෂාවක් ලැබූ මුස්ලිම් ප්‍රජාවේ සාමාජිකයින් 2004 දී සහ 2016 දී ප්‍රහාරයන්ට ගොදුරු වී තිබේ.
‘තබ්ලිගි ජමාත්’ සාමාජිකයින් 13 දෙනාට වෛරසය ධනාත්මක වීමෙන් පසුව, ඔවුන්ට එරෙහිව විවිධ කුමන්ත්‍රණ න්‍යායන් ක්‍රියාත්මක වූ අතර මුස්ලිම් විරෝධී දූෂිත ක්‍රියා අන්තර්ජාලය හරහා සිදුවිය. එමෙන්ම ඔවුන්ට කොවිඩ් ආසාධනය වීමට දෝෂාරෝපනය එල්ල වූයේ දිල්ලියේ ආගමික රැස්වීම්වලටය.
https://globalvoices.org/-/world/south-asia/