Saturday, November 23, 2024

ඉතාලි ගොඩනැගිල්ලකින් බිමට වැටී , තවත් ලාංකික තරුණයෙකු මරු දකී.

Must read

මහල් නිවාස ගොඩනැගිල්ලකින් බිමට ඇදවැටීමෙන් ඉතාලියේ මිලානෝ නගරයේ වාසය කළ ශ්‍රී ලාංකීක තරුණයෙකු පසුගිය 04 වැනිදා රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල,මූදුකටුව,රෝමන් පාක්හි පදිංචි කැරැව්ගොඩගේ දොන් අශාන් මධුසංක නැමති 18 හැවිරිදි තරුණයෙකි.

මිලානෝ නුවර,කුවර්තජාරෝ ප්‍රදේශයේ පිහිටි නිවසක තම මව්පියන් සමග දිගු කලක් ජීවත් වී ඇති මෙම තරුණයා එහි උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබමින් සිටි අතරතුර මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති බව එරටින් වාර්තා වෙයි. තමන් ජීවත් වූ නිවස ආසන්නයේම පිහිටි මහල් නිවාසයකට පසුගිය සිකුරාදා රාත්‍රියේ ගොස් සිටියදී අදාළ තරුණයා මෙම අනතුරට ලක් වී ඇති බව ඔහුගේ ඥාතිහු කියති .

මහල් නිවාසය පාමුල බිම වැටී සිටි මෙම තරුණයා දු‍ටු ඉතාලි ජාතිකයෙකුගේ දැනුම්දීම මත එම ස්ථානයට පැමිණි ප්‍රදේශයේ පොලිසිය විසින් එම තරුණයාගේ සිරුර පොලිස් භාරයට ගෙන තිබේ.

මෙම මරණය හදිසියේ ඇද වැටීමකින් සිදුවූවක්ද නැතිනම් වෙනත් අයෙකු විසින් මෙම තරුණයා මහල් නිවාස ගොඩනැගිල්ලෙන් බිමට තල්ලු කර ඝාතනය කළාදැයි මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඉතාලි පොලිසිය විසින් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරමින් සිටින බව එරටින් ලැබෙන අරංචි මාර්ගවලින් කියැවෙයි.

නයිනමඩම චන්දන ප්‍රනාන්දු

ithali_yound_death2 ithali_yound_death1 ithali_yound_death3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article