Friday, November 22, 2024

‘ඉතාලියේ සිටි ඔබේ මිතුරා මියැදී ඇත ‘

Must read

alone1
ඉතාලියේ සිට ලියමි ,

ඉතාලියේ සිටි ඔබේ මිතුරා මියැදී ඇත.
අයනු ආයනු නො දැන පිටස්තර රටක සිට බොහෝ අමාරුවෙන් භාශාව ඉගෙනගෙන , ජොබ් එකක් හොයාගෙන , පාඩුවේ කාටත් කරදරයක් නොකල සිටි ඉතාලියේ ඔබේ මිතුරා මිය දී ඇත . කොරෝනා වෛරසයකට වඩා බලවත් වෛරසයකින් ඔහු නොමරා මරා දැමු අතරම එයට අඩු වැඩි වශයෙන් ඔහුගේ සමීපතමයන්ද දායක විය . ලොවක් අත් වැල් බැදගනිද්දී තමාගේ මව් රටින් ප්රතික්ශේප උන පලවෙනි ජාතිකයා ලෙස ඉතාලිය තුල ස්වයං හිරගෙදරක කොටුවන විට රට කෙරෙහි ඔහුගේ තිබූ ආදරයද ටිකෙන් ටික මියදෙන්නට විය . රටට කරදරයක් වෙනදාට පලමුවෙන්ම මුදල් එකතු කර ලංකාවට එවා ” අපේ උන්ට අසරණ වෙන්න දෙන්න බෑ ” කියූ ඉතාලියේ සිටි ඔබේ යහලුවා අසරණවන විට ඔබ ගැසුවේ ගල් මුල්ම පමණයි . ” උබල ඔහෙ පරිස්සමෙන් හිටපන් ” කියන්නට හිටියේ මිනිස්සුන් අතලොස්සක් පමණයි . ” එන්නනම් එපා උබ ඔහෙම මැරිල පලයන්” කියන්න බහුතරයක් උත්සහ කරමින් සිටියේය . ” අපිට ඉතාලියත් යම් අවස්තාවක නැති උනොත් ගලක් බැදන් මුහුදට පනින්නද ” නිතරම මනසේ ඇසෙන්නට විය . ජීවත් වන අන්තිම දවස අදද ? හෙටද ? යන බියෙන් ගැහි ගැහී ජීවත් වන විට අපට ඔබේ වචනයකින්වත් කිසිඳු හයියක් නැති නමුත් අප තවමත් හුස්ම ගනිමින් සිටිමු .

මාර්තු අට වෙනිදා තම නිවෙස් තුල සිර කරපු පරවියන් පෙරේදා උදයේ සිට නැවතත් පියඹමින් සිටියි . නැවතත් ඉතාලියේ කටයුතු ආරම්භ කර ඇත . නමුත් කොරෝනා තවම ඉවර නැත . නමුත් රැකියාවට යා යුතුට . දවස් දාහතරකින් දෙවනි තරංගයක් ඇතිවන්නේ නැති වේවි යන්න අප කාටවත් කියන්නට නොහැක . ජීවිතේ අමතක කර අද අපි පාරට බැස්සෙමු . අවසන් දවස අදද හෙටද කියා නොදනිමු . වෛරසය දෑතින් දරා අප ගමන් කර සිටින්නෙමු . හදිස්සියේ මා මියගියහොත් මවට පියාටවත් මාව එකඳු වරක්වත් බලාගැනීමට නොහැකි වනු ඇත. අවසරයි ඉතින් මට ,
මා හට හෙට දවසක් උදා නොවුනහොත් , උඹට උදාවෙන හෙට දවස තුල ,
මම නොසිටිනු ඇත.

අවසන් වශයෙන් කීමට ඇත්තේ
” අල්ලෝර මං ඉතාලියේ තනි උනා…”


චමිල් විරාජ්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article