Saturday, November 23, 2024

ඉතාලියෙන් ගෙන්වූ මත්පැන් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයෙන් වටලයි

Must read

06(3) 05(5)(11.53 am) ඉතාලියේ සිට හොර රහසේ මෙරටට ගෙන්වන ලද බවට සැකකරන රුපියල් ලක්ෂ 03 ක් පමණ වටිනා විදේශීය මත්පැන් බෝතල් 48 ක් සමග සැකකරුවන් තිදෙනෙකුව (03) සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කුඹුක,ඔබේසේකරපුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශ වල සිදු කරන ලද වැටලීම් වලදී විදේශීය මත්පැන් බෝතල් තොගය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ඇප මත මුදා හැර ඇති ඔවුන්ට එරෙහිව ලබන 13 සහ 14 යන දිනයන්හී හොරණ සහ මාළිගාකන්ද යන අධිකරණයන්හී නඩු පැවරීමට කටයුතු කරන බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

විදේශයන්හී සිට මෙරටට මත්පැන් ගෙන එන විට ඒ මත විශේෂිත වූ ස්ටිකරයක් ඇලවිය යුතු වේ.
ඒ නියමිත පරිදි තීරු බදු ගෙවීමෙන් අනතුරුවය. නමුත් සුරාබදු නිලධාරීන් තම බාරයට ගෙන ඇති මෙම මත්පැන් බෝතල් වල එවැනි ස්ටිකරයක් ප්‍රදර්ශණය කර තිබී නැත. ඒ අනුව මෙම මත්පැන් බෝතල් තොගය තීරු බදු නොගෙවා හොර රහසේ මෙරටට ගෙන්වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article