Sunday, January 19, 2025

ඇමැති දයාසිරිට , නි.ඇමැති අශෝක්ට පළාත් සභා මන්ත්‍රීගෙන් දොස්

Must read

ashok_dayasiriවීරඹුගෙදර ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම සදහා එම කමිටුවේ සම සභාපතිවරුන් ලෙස පත්කර සිටින අමාත්‍ය දයාසිරි ජයසේකර සහ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහත්වරුන් පැය එක හමාරකට අධික කාලයක් ප‍්‍රමාද වී පැමිණීම හේතුවෙන් එම රැස්වීමට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන් 300 කට අධික පිරිසකගේ වටිනා කාලය අපතේ ගිය බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී රංජිත් ගුණසේකර මහතා ඊයේ (02 දා) වයඹ පළාත් සභාවේදී චෝදනා කළේය.

මන්ත‍්‍රීවරයා මෙම චෝදනාව කළේ ඊයේ පැවැති වයඹ පළාත් සභා රැස්වීමේදීය. වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ‘සශ‍්‍රී’ ශාලාවේදී ඊයේ පෙරවරු 9.30 ට පමණ වයඹ පළාත් සභාව රැස්විණි.

එහිදී මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ රංජිත් ගුණසේකර මහතා මෙසේ පැවැසීය.

‘‘පසුගිය 21 වැනිදා උදේ 10.30 ට වීරඹුගෙදර ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙනවා කියලා මටත් ආරාධනාවක් ලැබිලා තිබුණා. මම හරියටම දහය හමාර වෙනකොටම ඒ රැස්වීමට ගිහින් වාඩිවෙලා බලාගෙන හිටියත් ඒ කමිටුවේ සභාපතිවරුන් දෙදෙනාම පැමිණියේ දවල් වෙලා. ඒ අය එනකොට දවල් දොළහයි. නිලධාරීන් තුන්සීයක් පමණ පැය එකහමාරක් තිස්සේ වාඩිවෙලා ඒ අය එනතෙක් බලාගෙන හිටියා. එතකොට පැය එක හමාර තුන්සීයෙන් වැඩි කළොත් කොච්චර වෙලාවක් නාස්ති වුණාද කියලා හදාගන්න පුලුවන්. ඇමැතිතුමාලා දෙන්නා වෙනත් උත්සවයකට සහභාගී වෙන්න ගිය නිසා ප‍්‍රමාද වුණා කියලා තමයි කියවුණේ. වෙලාව කළමනාකරණය කරගෙන කටයුතු කළා නම් මේ වගේ අපහසුතාවයකට පත්වෙන්න රජයේ නිලධාරීන්ට සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලාගෙන යනකොට විශාල අර්බුදකාරී තත්වයන් ඇතිකරන්නේ දේශපාලනඥයෝම තමයි.’’යැයි පැවසීය.

මෙහිදී අදහස් දැක් වූ අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා ‘‘වෙලාවට වැඩ කරන්න බැරිනම් තනතුරු භාරනොගෙන ඉන්න තිබුණානේ.’’ යැයි පැවසීය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article