(o5.04pm) ඊයේ (13) වැනිදා රාත්රී 10.30 ට පමණ හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළුඔය ප්රදේශයේදී නවතා තිබූ ලොරියක යතුරු පැදියක් ගැටීමෙන් තුවාල ලබා ඇති තරුණයෙකු රෝහලට රැගෙන යන අතර තුර මිය ගොස් ඇති බව උඩප්පුව පොලීසියෙන් වාර්තා වේ. අනතුරින් මිය ගොස් ඇත්තේ මුන්දලම – බරනන්කට්ටුව පදිංචිව සිටි මාරසිංහ ආරච්චිගේ නෙරංජන තාරක මාරසිංහ (අවු:26) නම්වූ තරුණයෙකි.
රාත්රී ආහාරය ගැනීම සදහා ලොරියේ පැමිණි අය එය මාර්ගය අයිනේ නවත්වා ආපන ශාලාවකට ගොස් ඇත.එම අවස්ථාවේ දී අධික වේගයෙන් පැමිණ ඇති යතුරු පැදිය ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
තුවාල ලබා සිටි යතුරු පැදිකරුව එම අවස්ථාවේදීම ප්රතිකාර සදහා මුන්දලම දිසා රෝහල කරා රැගෙන ගොස් ඇති නමුත් අතර මගදී ඔහු මිය ගොස් තිබේ. අනතුරට සම්බන්ධ ලොරිය පොලිස් බාරයට ගෙන ඇති අතර,එහි රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත. උඩප්පුව වැඩ බලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වික්රමසිංහ මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 33097 රත්නසිරි මහතා ඇතුළු නිලධාරීන් විසින් පරීක්ෂණ කරගෙන යයි.
ජූඩ් සමන්ත