Wednesday, November 27, 2024

ආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කළ අයෙක් අත්අඩංගුවට ! මහ මොළකරුවන් තාමත් නිදැල්ලේ ?

Must read

117816606_10158361452081327_5166784405435401918_nආනවිළුන්දාව රැම්සා අභය භූමිය ඩෝසර් කිරිමට යොදා ගත් ඩෝසරය හා එහි ක්‍රියාකරු අද (28) අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලිසිය පැවසු බව ලංකාදිප වෙබ් අඩවිය සඳහන් කොට තිබේ

පසුගිය 25 දින සවස රැම්සා අභය භූමියට නීතිවිරෝධි ලෙස ඇතුළු වී  ඉස්සන් ටැංකි ඉදිකිරිමේ අරමුණින් භූමියට හානි කිරිම සම්බන්ධව මෙම ඩෝසර්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු උඩප්පුව පොලිස් වසමට අයත් කිරියන්කල්ලිය ප්‍රදේශයේ  පදිංචිකරුවෙකු බවද වැඩිදුරටත් එහි සදහන්ය

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරිමේදී මෙම විනාශයට සම්බන්ධ සැකකරුවන් පිරිසක් පිළිබඳව අනාවරණය වී ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරික්ෂණ පවත්වමින් සිටින බවත් ආරච්චිකට්ටුව පොලිසිය  පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (29) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

කිසිදු බියක් නැතිව මෙවන් සුවිශේෂි පරිසර පද්ධතියක් විනාශ කිරිමට අතපෙවිය හැක්කේ ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ හයියෙන් මිස අන් කිසිදු ආකාරකින් නොවන බව ඉතා බැහැදිලිය.
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදිද ඇමති විමල් විරවංශය මේ ගැන සඳහන් කර තිබුණි.
පුත්තලම් දිස්ත්‍රික් දේශපාලන කවයන් අතර ඇතිව තිබෙන කථාබහ තුලදි කියැවෙන්නේ ඇමති සනත් නිශාන්තට සම්බන්ධ සමිපතමයෙකු මේ විනාශය පිටුපස සිටින බවය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article