Sunday, January 19, 2025

ආණ්ඩුව පොරොන්දු වූ ලෙස රාජ්‍ය සේවකයින්ගේ අප්‍රියෙල් වැටුපටත් ණය සහන ලබාදී නැහැ – පා.මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති

Must read

sunil hadunethi
(17.28pm) කොවිඩ් 19 වෛරසය පැතිරයාම නිසා  ගෝලිය අර්බුදයත් සමගම ලංකාව  තුළත් අනපේක්ෂිත ජනජීවිතය අඩාලවීම හමුවේ රජය විසින්  මාර්තු මාසයේ සිට ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ අතර හදිසි සේවා සදහා පමණක් ආයතන හා සේවා ක්‍රියාත්මක වේ. මෙම තත්ත්වය හමුවේ රටේ වැඩකරන ජනතාව විශාල ආර්ථික දුෂ්කරතාවන් වලට මුහුණ පා සිටි. පවතින රජය විසින් මාර්තු මාසයේදී ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ  මෙම අර්බුදය හමුවේ රජයේ සේවකයින්ට සහන ලබාදීම සදහා ඔවුන්ගේ වැටුපෙන් කපාගන්නා ණය සහ වෙනත් අයකිරිම්  මාස 3ක් යනතුරු කපා නොගෙන ඒ සදහා මාස 3කට සහනයක් ලබාදෙන බවයි. නමුත් එය ඒ  ආකාරයෙන්ම ඉෂ්ට වී නොමැති අතර  රාජ්‍ය සේවකයින්ගේ  මාර්තු මෙන්ම අප්‍රිෙයල් වැටුපෙන්ද මෙම ණය වාරික කපාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පා.මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි. එමෙන්ම අප්‍රිෙයල් මාසයේදී එළඹෙන අවුරුදු උත්සවය වෙනුවෙන් ඔවුන්ට ලැබිය යුතු උත්සව දීමනා ද ලබා නොදී පොරොන්දු වූ පරිදි ණය වාරික ද වැටුපෙන් කපාගෙන රජයේ සේවකයන් මහත් දුෂ්කරතාවයකට ඇදදමා ඇති බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article