Sunday, January 19, 2025

ආණ්ඩුවේ අසාර්ථකත්වය හමුවේ හලාවත ධීවරයෝ මුහුදු යෑමෙන් වැලකෙති

Must read

nonamma-3(15.41pm) ඉරනවිල, හලාවත, කරුපනේ ,ධීවර ජනතාව මුහුදු යාම සහ සියලුම ධීවර කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.  හලාවත  දිස්ත්‍රික් ධිවර සංවිධානය ඇතුළු හලාවත ධිවර දිස්ත්‍රික්කයේ ධිවර සංවිධාන දහයක් අද(05) දින සිට නැවත දැනුම් දීමක් කරන තෙක් මුහුදු යාම නතර කිරීමට තීරණය කර ඇති බව දැනුම් දී තිබේ. ධීවරයින් මුහුදු ගොස් මාලු රැගෙන ආ පසු ඒවා මිලදී ගැනීමට වෙනත් ප්‍රෙද්ශ වලින් වෙළෙදුන් හා ජනයා ඇදි ඒම පවතින වසංගත තත්ත්වය හමුවේ අනාරක්ෂිත බැවින් මෙවැනි තීරණයක් ගත් බව ධීවර වෘත්තීය සමිති කියයි.
මේ අකාරයට ධීවර කටයුතු වලින් ඉවත්වී සිටීම ධිවර ජනතාවට පහසු කටයුත්තක් නොවන අතර  ධිවරයන්ට සිය ආර්ථිකය පවත්වාගැනීමට නොහැකි තත්ත්වයක්  යටතේ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා  සපුරාගන්නේ කෙසේද යන විශාල ප්‍රශ්නයකට ඔවුන් මුහුණ දී සිටියි. ධීවරයින්ට සහන ධීමනාවක් ලබාදෙන ලෙස පසුගියදා ඔවුන් ඉල්ලා සිටිනු ලදී.  ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමට ආරම්භ කර සති 3ක කාලයක් ඉකුත් වුවද රජය විසින් ධීවරයින් ට සහනාධාරයක් ලබාදීමට කටයුතු  නොකළ අතර ඔවුන්ගේ මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමටද ධීවර අමාත්‍යාංශයට මේ දක්වා නොහැකි වී ඇත. මේ තත්ත්වය හමුවේ ධීවරයින්ට සිදුවී ඇත්තේ අකමැත්තෙන් වුවද  සිය රැකියාවෙන් ඉවත්ව සිටීමය.

.

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article