Saturday, November 23, 2024

ආණ්ඩුවට සෙත් පතන්නයි, වස් වදින්නයි මුන්නේශ්වරමේදී එක විට පොල් වැදුණේ මෙහෙමයි. (ඡායාරූප)

Must read

වත්මන් රජයට දේවාශිර්වාද ප්‍රාර්ථනා කරමින් එක් පිරිසක් පොල් ගසද්දී එම රජයම භංගකරන ලෙසට දෙවියන්ගෙන් ඉල්ලමින් තවත් පිරිසක් එකම ස්ථානයකදී පොල්ගැසීමේ අපූරු සිදුවීමක් අද උදෑසන හලාවත, මුන්නේශ්වරම පුදබිමේදී දැකගත හැකි විය.

වත්මන් රජයට දේවාශිර්වාද ප්‍රාර්ථනා කරමින් ලංකා ගමනාගමන මණ්ඩලයේ වයඹ සේවක එකමුතුව විසින් සංවිධානය කර තිබූ දේව කන්නලව්වක් සහ පොල්ගැසීමක් අද උදෑසන මුන්නේශ්වරම පුදබිමේ පිහිටි කාලි අම්මන් කෝවිලේදී පැවැත්වුණු අතර ඊට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත අබේසේකර සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් වී සිටියහ. මෙම පිරිස හලාවත නගරයේ සිට කාලි කෝවිල දක්වා පාගමනින් පැමිණ දේව කන්නලව්වක් පවත්වා රජයට දේවාශිර්වාද ප්‍රාර්ථනා කිරීමෙන්පසුව රජයේ වැඩපිළිවෙලට බාධාකරන පිරිස්වලට දඩුවම් පමුණුවන ලෙස ඉල්ලමින් පොල් ගැසීමක නිරත වූහ.

එම දේව කන්නලව්ව අවසන්වනවාත් සමග මුන්නේශ්වරම පුදබිම තුළම පිහිටි ඊශ්වර මහ දේවාලයට ( අම්මන් කෝවිල) පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්තිරිවරුන් ඇතුලු පිරිසක් ජනතාවට විනකරන වත්මන් ආණ්ඩුව පලවාහරින ‍ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් පවත්වා පොල් ගැසීමක නිරත වූහ. එම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන, සනත් නිශාන්ත පෙරේරා සහ කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් වී සිටියහ.

ඡායාරූප – හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු 

munneshwarama_1 munneshwarama_3 munneshwarama_2 munneshwarama_6 munneshwarama_5 munneshwarama_4

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article