Saturday, November 23, 2024

ආඩම්බරවීමට නොහැකි නමුත් , වෙනස් වීමට ඕනෑනම් ආදර්ශ අපමණය

Must read

Untitled-1

(වීඩියෝ ) ඉන්දියාවේ ඉන්දිරා  ගාන්ධි රෝහලේ සේවය කරන රාධා රාජු වින්චුකර් කොවිඩ් 19 වැළදුණ රෝගින්ට ප්‍රතිකාර කිරීමෙන් පසු ගමට පැමිණි අවස්ථාවේදී ඇයව මහත් සාදරෙන් පිළිගැනීමට ඇයගේ අසල්වාසීන් සැරසී සිටියහ. ඉන්දියාවේ දකුණු නාපූර් ගම්මානයේ  සමාජ කණ්ඩායමක් විසින් මේ ආකාරයට තමන්ගේ ගමේ හෙදියට උපහාර දක්වන ලදී.
මාර්තු මාසයේ දී  කොවිඩ් වසංගතයට දැඩිව ව්‍යාප්තවූ චීනයේ වුහාන් පළාත බලා පිටතවූ වෙද්‍ය සේවක සේවිකාවන්ටද  මේ ආකාරයට එරට ජනතාව උපහාර දැක්වූහ. වසංගතය ලෝකවාසීන්ගේ ජන ජීවිතය උඩු යටිකුරු කරමින් පැමිණි වේගයත් සමග ඒ වෙනුවෙන් ගැටෙන්නට සැම රටකම සෞඛ්‍ය අංශ  වල සේවය කරන නිලධාරින්ට ඉදිරියට එන්නට සිදුවිය. ඉතාලියේ විශ්‍රාම සේවයේ සිටි වෛද්‍යවරුන් මෙම වසංගතය හමුවෙ නැවත සේවයට කැදවන ලදි.  මනුෂ්‍යත්වයේ නාමයෙන් එම වැඩිහිටි වෛද්‍ය කණ්ඩායම් නැවත සේවයට පැමිණ  තම ජනතාවට සේවය කළ අතර ඔවුන් අතිරින් බොහෝ දෙනෙක්  කොරෝනා ආසාදනය වී ජීවිතයෙන් සමුගත්තේය.  ඉතාලි ජනතාව ඔවුන් පිළිබදව මහත් ගෞරවයෙන් ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකරන ලදි.
ඉන්දියාවේ දී සිදුවූ මෙම උපහාරය එවැනි හෙදියන් දිරිමත් කරන ආශිර්වාදයකි. නමුත් ලංකාවේදී පසුගිය දිනවල රෝහලේ සේවය කළ හෙදියන්ට සිය නේවාසිකාගාර වලින් යන්නට වූ අවස්ථා ගැන මාධ්‍ය වල පළවුණි. ඔවුන් මුහුණ පෑ අකරතැබ්බයන්  අපමණක් විය. අපට ආඩම්බරවීමට නොහැකි නමුත් වෙනස් වීමට ආදර්ශ ඕනෑතරම් අවට ලෝකය විසින්  අහුලාගත හැක.

 


https://www.facebook.com/115033903530425/videos/233286621447129/

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article