
අද (05) වාරියපොළ පාසලක ප්‍රාථමික අංශයේ සිසු දරුවන් 70 දෙනෙකු ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. මෙයට හේතුව අසාත්මිකතාවයක් බවත් එක් දරුවෙකු කුරුණෑගල ශික්ෂණ රෝහල කරා මාරු කර යවා තිබේ. ඒ තද හිසේ අමාරුවක් සහ ඔක්කාරය ඇතිවී ඇති නිසාය. මෙම අසාත්මිකතාවයට හේතුව ආසන්න හේතුවක් ලෙසට සැක පහළ කරන්නේ විද්‍යාල භූමියේ කසළ ගිනිතැබීමකින් ඇතිවූ දුමක් බව දැනට නිල නොවන ආරංචි මාර්ග පවසයි.