Sunday, January 19, 2025

අවතැන් කදවුරුවල මැසි මදුරු ලෙඩේට සෞඛ්‍ය සේවාවෙන් බෙහෙත් දෙයි.

Must read

ගංවතුර හේතුවෙන් අවතැන්ව පුත්තලම දිස්ත්‍රික්කයේ තාවකාලික කදවුරුවල රදවා සිටින ජනතාවගේ  සෞඛ්‍ය  ආරක්ෂාව වෙනුවෙන් සනිපාරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කළ බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පෝල් රංජිත් මහතා පැවසිය.

අධ්‍යක්ෂවරයා පවසා සිටියේ ගංවතුර හේතුවෙන් පිඩාවට පත්වුවන් දැනට රැදී සිටින පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් සහ අනෙකුත් පොදු ස්ථානවලදි වෛද්‍ය සායන පවත්වා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන බවය.

ඊට අමතරව මැසි මදුරු හා වෙනත් බෝවන රෝග පාලනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම සදහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මගින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන් සේවයේ යොදවා ඇති බවද හෙතෙම පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කය තුළ පිහිටි යම් අවතැන් කදවුරක් වෙත සෞඛ්‍ය පහසුකම් ලැබී නැත්නම් ඒ බව මාදම්පේ පිහිටි පුත්තල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට දන්වන ලෙසද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටී.

පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහawatan_kadawuru4 awatan_kadawuru3 awatan_kadawuru2 awatan_kadawuru1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article