Friday, November 22, 2024

අලුත් පරපුරේ විරෝධය පුස්සක් වෙයි. කමල් ඉන්දිකට තවත් තනතුරු දෙකක් !

Must read

kamal indikaවයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිරියාල ආසන සංවිධායකවරයා ලෙස පත්කිරීම සම්බන්ධයෙන් අලුත් පරපුර නියෝජනය කරන කලාකරුවන් විසින් දක්වමින් සිටින විරෝධය පුස්සක් බවට පත් කරවමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කමල් ඉන්දික මහතා තවත් තනතුරු දෙකකට පත් කර තිබේ.

ඒ අනුව පසුගිය අපේ‍්‍රල් 29 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි කමල් ඉන්දික මහතා ඉබ්බාගමුව සහ ගනේවත්ත ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

මීට පෙර ඉබ්බාගමුව සහ ගනේවත්ත ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පත්කර තිබුණේ ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතා වන අතර ඔහු එම තනතුරුවලින් ඉවත්කර කමල් ඉන්දික මහතාට අවස්ථාව ලබා දී තිබීම විශේෂත්වයකි.

හිරියාල එජාප ප‍්‍රධාන සංවිධායක ජගත් යාපා මහතා කමල් ඉන්දික මහතා සමග ඉබ්බාගමුව සහ ගනේවත්ත ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව දෙකෙහි අනෙක් සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article