Sunday, January 19, 2025

අලුත් පක්ෂය හදන හැටි ගැන හෙක්ටර්ගේ ගෙදරදී සාකච්ඡාවක්

Must read

75627489_3115012138515513_7023315669869395968_o

එක්සත් ජාතික පක්ෂ  පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ වයික්කාල, රංගම්මුල්ල නිවසේ පිහිටි කාර්යාලයේදී   පසුගියදා විශේෂ රැස්වීමක් පවත්වා තිබේ. මෙම රැස්වීමට හිටපු වයඹ පාළාත් සභා මන්ත්‍රිවරු කිහිපදෙනෙකු හා එජාප ක්‍රියාකාරීන් හා පාක්ෂිකයන් පිරිසක් සහභාගී වී ඇති අතර ⁣ සජිත් පාර්ශවය විසින් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් මෙහිදී සිදුව තිබේ.
ජනාධිපති අපේක්ෂකත්වය පරාද වූ පසු පක්ෂයේ නියෝජය නායකත්වයෙන් ඉවත් වූ සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂ නායකත්වය සහ විපක්ෂනායකධූරය නොලැබුණහොත්
එජාපයෙන් වෙන්වී නව පක්ෂයක් ගොඩනඟන බව ඔහුගේ පාර්ශවය ප්‍රචාරය කරමින් සිටියි.
අප්පුහාමි මන්ත්‍රීවරයාගේ නිවසේ දී පැවැත්වූ සාකච්ඡාවේදී ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති අතර එජාපයෙන් වෙන්ව සෑදීමට යන අලුත් පක්ෂය පිළබඳවද අදහස් හුවමාරු වී තිබේ. මෙහිදී අප්පුහාමි මන්ත්‍රීවරයා පවසා ඇත්තේ නව පක්ෂය සැදුන පසුව ඉදිරි මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද එක්ව පෙරමුණුගත වීමටත් අදහසක් ඇති බවය. කෙසේ වුවත් ඉදිරියේදී තමන් ඇතුළු සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය පක්ෂයෙන් වෙන්ව වැඩකරන බවට ඔහු පවසා තිබේ.

හෙක්ටර් අප්පුහාමි මහතාට සැබෑ රාජපක්ෂ විරෝධයක් තිබෙනවාද ??
2015 පැවති මහින්ද රාජපක්ෂ සමයේ රජකල දුර්දාන්ත පාලනය පරාජය කිරීම වෙනුවෙන් සිවිල් සංවිධාන විසින් නිදහසේ වේදිකාව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේදී එජාප ප්‍රාදේශීය සාමාජිකයින්ගේ ඔලුගෙඩි තුළ තිබුණේද තමන්ගේ පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳෙන තුරු තමන් කිසිඳු ක්‍රියාකාරකමට නොඑළඹෙන බවයි. පැවති ඒකාධිපති වියරුවට එරෙහිව විදි බසින්නට කිසිවෙකුත් අසමත් වූ එම වකවානුවේදීත් නිදහසේ වේදිකාව වැනි ව්‍යාපාරයක් සංවිධානය වීම තමන්ට ශක්තියක් ලෙස සැලකූ බොහෝ එජාප ක්‍රියාකාරීන් නායකත්ව මට්ටමේ සිට එයට සහය දැක්වූ අතර, සජිත්වාදීන් පමණක් එයට ප්‍රාදේශීව අකුල් හෙලන ලදි. නිදහසේ වේදිකාවේ දේශපාලන අභිලාෂ රටේ පොදු ජනතාවගේ දේශපාලන  අයිතිවාසිකම් තහවුරුකිරීම වෙනුවෙන් නැඟී සිටින ලද කොන්දේසි වලින් සමන්විතව තිබුණ අතර එම අරගලයට උරදෙන්නන්ගේ අරමුණ වී තිබුනේ එවකට මහින්ද රාජපක්ෂ විසින් නිර්මාණය කර තිබූ ඒකාධිපති වියරුව පරාජය කිරීමයි. ⁣
එය එසේ තිබියදීත් හෙක්ටර් අප්පුහාමි ඇතුලු කොටසක් මහින්ද පාලනයට එරෙහිව සාමාජිකයින් පාරට ගෙන ඒම වෙනුවට , සාමාජිකයින්ගේ දේශපාලන උනන්දුව , බලාපොරොත්තු නායකත්ව අර්බුදය තුළ දියකර හැරියේය.
නිදහසේ වේදිකාවේ ⁣වැඩපිළිවෙල නිසා රනිල් වික්‍රමසිංහ මහතාට ලකුණු වැටෙන බව පවසමින් සජිත්වාදීන් එකලත් පසෙකට වී බලාහිඳින්නට විය.
මහින්ද රාජපක්ෂ මහතා 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ අවස්තාවේදීත් රට පුරා උද්ඝෝෂණ නිදහසේ වේදිකාව විසින් සංවිධානය කරන ලදී. එක් විරෝධතාවයක් වෙන්නප්පුව නගරයේදි ද පැවැත්වුණි. ඒ වෙලාවේදීත් හෙක්ටර් අප්පුහාමි මහතා පළාත්සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ විදේශ සංචාරයක නිරතව සිටුනු ලදී.
ඇත්තෙන්ම හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාගේ දේශපාලන උවමනාව ජනතාවාදීද නැතිනම් තමන්ගේ පුද්ගලික උවමනාවන් මත ගොඩනැඟුන දේශපාලන උවමනාවක්ද යන්න,  ඔහු පක්ෂ නායකත්වය පිලිබද අවුල වර්ධනය කිරීමට කාලයක පටන් දරදිය ඇදීම හේතුකොට ගෙන පැන නගින කරුණකි. 2015 දීත් මහින්ද පැරදවීම දේශපාලන උවමනාවක් ලෙස නොසලකා එජාපයේ අර්බුද ලොකුවට කරට ගෙන තමන්ගේ ජාම බේරාගැනීමට දැගලූ හෙක්ටර් අප්පුහාමිට රටේ සැබෑ දේශපාලන අර්බුදය පිළිබඳව නිවරදි දැක්මක් තිබුණා දැයි අපහැදිලිය.
මේ වන විටත් සිදුවන්නේ එකම කාරණාවය.
ජනාධිපතිවරණය අවසන්ය. එජාපය තුළ තමන්ගේ අපේක්ෂකයා පැරදී ඇත. ගෝටාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව ක්‍රියා කිරීම ආරම්භ කර තිබේ. මේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී අර්බුද පසෙක තිබියදී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා තවමත් කරතියාගෙන යන්නේ මහින්දවාදීන් දුන් ටොපියක් කිවහොත් නිවරදිය. තමන්ගේ පක්ෂයේ අභ්‍යන්තර අරවුල් විසඳාගැනීමේ ප්‍රඥාගෝචර ක්‍රියාවන් වෙනුවෙට එය රටේ එළපත්තට ගෙනවිත් ඇතිවී ඇති ව්‍යසනයට එය රැකුලක් කිරීම නිවරදි දේශපාලනඥයෙකුගේ ක්‍රියාවක් විය නොහැක.

 

ෆයස් ප්‍රනාන්දු / වෙන්නප්පුව

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article