පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේතු මන්ත්‍රී අලි සබීර් රහීම් මහතා වීසින් කොවිඩ් ඇදිරිනීතිය සමයේ ව්‍යාපාරික කටයුතු සදහා පුද්ගලයෙකුට අවසරපත්‍රයක් නිකුත්කර තිබේ. ඒම අවසරපත්‍රය නිකුත්කර ඇත්තේ සංචාරක වෙළදාම් කටයුතු සිදු කිරීමට සහ ගමන් බිමන් යාමටය. සංචරන සීමා පනවා ඇති කාලය තුළ ජංගම ව්‍යාපාරික කටයුතු කරන පුද්ගලයින්ට අවසර ලබා දීම සිදු කළ හැක්කේ ඒ ඒ කොට්ඨාස වල ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණකි. පළමු කොවිඩ් රැල්ල අවස්ථාවේදී මේ ආකාරයට දේශපාලකයින්ගෙන් අවසර පත්රලබාගෙන විවිධ තරාතිරම් වල පුද්ගලයන් ව්‍යාපාර වල නිරතවූහ. පසුව මෙම තත්ත්වය පාලනය කරමින් එකම ස්ථානයකින් අවසර පත්‍ර නිකුත්කිරීමට රජය කටයුතු කරන ලදී. ඒ් අනුව සංචරණ සීමා පනවාඇති කාලයේ අත්‍යඅවශ්‍ය සේවා වෙළඳාම් කිරීමට අවසර ලැබෙන්නේ එම ක්රියාපටිපාට්යට අනුව අවසර ලබාගත් පුද්ගලයින්ට පමණකි. පාර්ලිමේතු මන්ත්‍රී අලි සබීර් රහීම් මහතා විසින් මේ සම්බන්ධයෙන් වන ලිපියක්ද එක් එක් පුද්ගලයා වෙත යොමු කර ඇත.එම ලිපිය අතදරන පුද්ගලයාට මැයි මස 21 වැනිදා සිට 28 වැනිදා දක්වා ගමන් බිමන් යාමට අවසර ඇත. කෙසේ වෙතත් පසුගිය 22 වැනිදා දවස තුළ අදාල මන්ත්‍රීවරයා විසින් මේ ආකාරයේ ලිපි සිය ගනනක් නිකුත් කර ඇති බව අප කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.