Sunday, January 19, 2025

අලි එළවන්න ගිය වන ජීවී නියාමකවරයෙකුට වන අලි ප‍්‍රහාරයක්.

Must read

ගම්වැදී සිටින් අලි පළවාහැරීමේ මෙහෙයුමක නිරත වී සිටියදී වල් අලියෙකු විසින් කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ වන ජීවී නියාමක නිලධාරියෙකු ඊයේ රාත‍්‍රියේදී (07 දා ) කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.

ඊයේ පස්වරු 5. 30 ට පමණ සිදු වූ බව කියන මෙම වල් අලි ප‍්‍රහාරය හේතුවෙන් බිදී ගිය අතක්ද සහිතව මෙලෙස රෝහල් ගතකෙරුණේ ,කහල්ල පල්ලේකැලේ අභය භූමියෙහි පිහිටි වන ජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන ලලිත් පෙරේරා නැමැති 45 හැවිරිදි වන ජීවී නියාමකවරයෙකි.

පොල්පිතිගම ප‍්‍රදේශයේ ගම්මානවලට වැදී ජන ජීවිත හා දේපළවලට අලාභහානි කරමින් සිටින වල් අලින් පළවාහැරීමේ මෙහෙයුමක් පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ වන ජීවි දෙපාර්තමේන්තුව ඇතඵ රාජ්‍ය ආයතන කිහිපයක මෙහෙයවීමෙන් මේ දිනවල ක‍්‍රියාත්මක වෙමින් පවතී. ඊයේ දිනයේදීත් එම මෙහෙයුම හක්වටුනාව වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයේදී ක‍්‍රියාත්මක වී ඇති අතර තුවාල ලබා සිටින වන ජීවී නියාමකවරයා ඇතුඵ පිරිසක් ගම්වැදී සිටි වල් අලියෙකු කහල්ල පල්ලේකැලේ අභය භූමිය වෙත එළවාගෙන ගොස් තිබේ. පිරිස හක්වටුනාව වැව් තාවුල්ල පසුකරමින් සිටියදී එක්වරම ආපහු හැරුණු වල් අලියා මෙහෙයුමට අණ දෙමින් සිටි වන ජීවී නියාමක ලලිත් පෙරේරා මහතා හඹා ගොස් තිබේ. අලියාගෙන් බේරීමට දිවයාමේදී බිම ඇද වැටී ඇති වන ජීවී නියාමකවරයා අසලට පැමිණි වන අලියා විසින් සිරුරට හිස තබා තදකිරීමේදී ඔහුගේ අතක් බිදී ගොස් තිබේ. සෙසු වන ජීවී නිලධාරීන් සහ ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත්විමෙන් අලියාගෙන් ගලවා ගැණුනු වන ජීවී නියාමකවරයා කඩිනමින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබීය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයෙහි ප‍්‍රතිකාර ලබමින් පසුවන වන ජීවී නියාමකවරයාගේ තත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.

ඡායාරූප – නිරෝෂන් ජයතිස්ස

9/7/2015 7:30 AM 9/7/2015 7:31 AM 9/7/2015 7:31 AM 9/7/2015 7:32 AM 9/7/2015 7:34 AM 9/7/2015 7:35 AM 9/7/2015 7:36 AM 9/7/2015 8:21 AM

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article