Friday, November 22, 2024

අඹකදවිල දේවස්ථානයේ පියතුමන්ලා දෙදෙනාට කොරෝනා වැළඳී නොමැති බව PCR පරීක්ෂණයෙන් හෙළිවෙයි

Must read

(09.47am) සිදු කරන ලද පළමු පී.සී.ආර්.පරීක්ෂණයට අනුව හලාවත – අඹකදවිල දේවස්ථානයේ පියතුමන්ලා දෙදෙනා කොරෝනා ආසාධිතයින් නොවන බවට අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. නමුත් තවත් දින 08 කින් නැවතත් ඔවුන් වෙනුවෙන් දෙවැනි පී.සී.ආර්.පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

හලාවත – අඹකදවිල ප්‍රදේශයෙන් පළමු කොරෝනා ආසාධිතයා වාර්තා වූයේ පසුගිය 08 වැනිදාය.අඹකදවිල කතෝලික දේවස්ථානය සමග සමීපව කටchurchයුතු කර ඇති බව කියන එම ආසාධිතයා පසුගිය 30 වැනිදා පිරිසක් සමග නුවරඑළිය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සදහාද ගොස් ඇති බව කියයි.පළමු ආසාධිතයා සමග එම විනෝද චාරිකාවකට සහභාගි වූ බව කියන අයෙකුද පසුව කොරෝනා ආසාධිතයෙකු බවට අනාවරණය වී ඇත. ඒ අනුව අඹකදවිල දේවස්ථානයේ පියතුමන්ලා දෙදෙනා ඇතුළු 150 කට ආසන්න ප්‍රමාණයක් නීරෝධායනයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන ලදි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article