Saturday, January 18, 2025

වයඹ අනාගතය ගොඩනගන්න ජපානෙනුත්උදව් එයි.

Must read

ඔකිනවා ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පදනමේ මෙහෙයවීමෙන් කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ පාසල් දරු දැරියන් සදහා සංවිධානය කළ නායකත්ව සහ කුසලතා වර්ධන පුහුණු වැඩමුඵවක් පසුගියදා කුරුණෑගල මහ නගර සභා ශ‍්‍රවණාගාරයේදී පැවැත්විණි.

” ඔබේ අනාගතය ඔබම ගොඩනගන්න. ” යන මැයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩමුඵව මෙහෙයවන ලැබුවේ ඔකිනවා විශ්ව විද්‍යාලයෙහි නියෝජ්‍ය උපකුලපතිධූරය හොබවමින් සිටින ශ‍්‍රී ලාංකිකයෙකු වන මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල් මහතා ඇතුඵ ජපන් ජාතිකයින් පිරිසක් විසිනි.

දරු දැරියන් සතු ආකල්ප, කුසලතා සහ නායකත්ව ගුණාංගයන් වර්ධනය වන ආකාරයෙන් සංවිධානය කර තිබූ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් ගණනාවක් සහිතව සංවිධානය කර තිබූ මෙම වැඩමුඵවට කුරුණෑගල දිස්ත‍්‍රික්කය පුරා විසිරී ඇති පාසල් ගණනාවක් නියෝජනය කරමින් පැමිණ සිටි සිසු සිසුවියන් දෙසියයකට ආසන්න පිරිසකට සහභාගී වී සිටියහ.

වැඩමුඵව අවසානයේදී සිය නිර්මාණාත්මක හැකියාවන් ඉදිරිපත් කිරීමටත් , ජපන් ජාතිකයින් සමග සිය අදහස් බෙදා හදා ගැනීමටත් මෙම වැඩමුඵවට සහභාගී වූ සිසු සිසුවියන්ට හැකි විය.

වැඩමුඵවට සහභාගීවීම වෙනුවෙන් ඔකිනවා ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පදනම විසින් වටිනා සහතික පත‍්‍රයක්ද සිසු සිසුවියන් හට පිරිනමනු ලැබීය.

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහ කුරුණෑගල මුස්ලිම් තරුණ සංගමයේ අනුග‍්‍රහයෙන් සංවිධානය කර තිබූ මෙම වැඩසටහන සදහා වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සාම වැඩසටහනෙහි සම්බන්ධීකාරක වසන්ත හේරත්, කුරුණෑගල මුස්ලිම් තරුණ සංගමයේ සභාපති මොහොමඞ් ගිහාන් සහ ෆරීනා නසීර් යන මහත්ම මහත්මීන්ද සහභාගී වී සිටියහ.

මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල් මහතා දේශනයක් පවත්වමින්.

okinawa 01

වැඩසටහන මෙහෙය වූ ජපන් ජාතිකයින් පිරිස

okinawa 02
පාසල් දරු දැරියන් ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම්වල යෙදුණු අයුරු

okinawa 03 okinawa 04 okinawa 05 okinawa 06 okinawa 07 okinawa 08
පාසල් සිසුවියන් පිරිසක් ජපන් ජාතිකයින් සමග අදහස් හුවමාරු කරගනිමින්

okinawa 09
ජපන් ජාතිකයින්ගෙන් ඉදිරිපත් කිරීමක්

okinawa 10
මහාචාර්ය දිලීප් චන්ද්‍රලාල් මහතා විසින් සිසු සිසුවියන්ට සහතික පිරිනැමු අයුරු

okinawa 11 okinawa 12

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article