ත්‍රීවිල් දේශපාලනයෙන් කුරුණෑගල කැළඹෙයි.
පසුගිය සතියේදී වයඹ දේශපාලනය රත් කළ ප්‍රධානම මාතෘකාව වූයේ කුරුණෑගල, මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය ඉදිරිපිට පිහිටි ත්රිරෝදරථ නැවතුම්පොලක් අනවසරයැයි පවසමින් පොලිසිය විසින් ඉවත් කිරීමයි. සාමාන්‍යයෙන් ත්රිරෝදරථ නැවැතුම්පොළක් සහ දේශපාලනය අතර සෘජු සම්බන්ධයන් නැතිවුවත් අදාළ ඉවත්කිරීම දේශපාලන පළිගැනීමක මුහුණුවරින් සිදු වී ඇති බවට, ප්‍රසිද්ධියේ සහ අප්රසිද්ධියේ අදහස් පළවන්නට පටන්ගැනීමත් සමග අදාළ මාතෘකාව දේශපාලනික මාතෘතාවක් බවට ස්වයංක්‍රියවම පරිවර්තනය විය. දේශපාලන පළිගැනීමක් පිළිබද හාංකවිසියක් නොදත් කුරුණෑගල නගරවාසීන් විසින් මුලදී සිතුවේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිට ත්රිරෝදරථ නැවතුම්පොළ ඉවත්කිරීමට සමගාමීව කුරුණෑගල නගරයේ ඇති සෙසු අනවසර ත්‍රිරෝද රථ නැවැතුම්පොළවල් ටිකද පොලිසිය විසින් නගරයෙන් අතුගා දමනු ඇතැයි කියාය. නමුත් නගරවාසීන්ගේ එම බලාපොරොත්තු සුන්කරවමින් අනවසර නැවැතුම් ඉවත් කිරිම මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිට ත්රිරෝදරථ නැවතුම්පොළ ඉවත්කිරීමට පමණක් සිමා වූ බව පෙණිනි. අනවසර නැවැතුම්පොළවල් ගණනාවක් නගරය පුරා තිබියදී මෙම නැවතුම්පොළ පමණක් හදිසියේ ඉවත්වූයේ ඇයි දැයි නගරවාසීන් පමණක් නොව අදාළ ත්රිරෝදරථ නැවතුම්පොලේ සිට හයර් දිවූ ත්රිරෝදරථ රියදුරන් පවා සොයන්නට ගත්තේ ඉන් පසුවය. තමන් ඉවත්කිරීමේ අණක් ආවේ කොහෙන්දැයි සොයා ත්‍රිරෝද රථ රියැදුරෝ පොලිසියට, ඇමැති අනුර යාපා ළගට පමණක් නොව ආණ්ඩුකාර අමරා පියසීලීද හමුවීමට ගියහ. නිශ්චිත තොරතුරක් නොලැබුණු නමුත් ඒ ඒ තැන්වලින් කියැවුනු දේවල්වලට අනුව නැවැතුම්පොළ ඉවත්කිරීමට අණ ලැබී තිබුණේ නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ හරහා බව තහවුරු කර ගන්නට ත්රිරෝදරථ රියදුරෝ සමත් වූහ. කවුරුන් විසින් අත්තටු මැවීමෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිට ත්රිරෝදරථගාලේ රියදුරන් පළිගැනීමට ලක් වී ඇති බවට වූ ආංරචියක් ඒ සමගම කුරුණෑගල හරහා වේගයෙන් පියඹා ගියේය. ත්‍රිරෝද රථ රියදුරන් පළිගැනීමට ලක් වී ඇති බව කියන්නට සාධාරණ හේතු දෙක තුනක්ම ඒ සමගම පියාඹා යනු ඇසිණි. ඉන් පළමු හේතුව ලෙස කියැවුණේ ‘ජයරත්න හේරත්ගේ පාක් එක’ ලෙස ප්රකටව ඇති මෙම ත්‍රීරෝද රථ නැවතුම්පොළෙහි සිටින රියදුරන් සියලූදෙනාම පාහේ හිටපු ඇමැති ජයරත්න හේරත්ගේ ආධාරකරුවන් ලෙසට නම් දරා සිටීමයි. දෙවැනි නිමිත්ත ලෙස කියැවුණේ නියෝජ්‍ය ඇමැති අශෝක් විසින් මෙම නැවතුම්පොළට ඇතුළත් කිරීමට උත්සාහ කළ ඔහුගේ ආධාරකරුවන්ගේ ලැයිස්තුවක් මෙම නැවතුම්පොළෙහි වත්මන් රියැදුරන් විසින් ප්‍රතික්ෂේප කිරීමයි. පසුගිය සැප්තැම්බර් මාසයේදී සිය ආධාරකරුවන් කිහිපදෙනෙකු මෙම ත්‍රීවිල් නැවැතුම්පොළට රිංගවීමට අශෝක් විසින් උත්සාහ කර ඇති නමුත් තවත් අයට මෙහි ඉඩ නැති බව කියමින් වත්මන් රියදුරන් විසින් ඊට බාධාකිරීම ඇමැති අශෝක්ගේ උදහසට හේතු වී තිබූ බවද බව කියැවෙයි. නැවතුම්පොළෙහි ඉවත්කරවීමට තෙවැනි සහ වඩාත් ආසන්නම හේතුව ලෙස කියැවුණේ අශෝක්ගේ ප්‍රබල ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන ජෝජ් බණ්ඩාර නැමැති අයෙකු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස මෙම නැවතුම්පොළෙහි ජීවිකාව පවත්වාගෙන යාමයි. මේ ජෝජ් බණ්ඩාර යනු අන් කවුරුන්වත් හෝ නොව තමාට හිමි වැටුප අශෝක් විසින් වංචා කළ බව පවසමින් නියෝජ්‍ය ඇමැති අශෝක්ට එරෙහිව අල්ලස් කොමිසමට ගිය ජෝජ් බණ්ඩාරයි. කලක් තිස්සේ අශෝක් ළග සේවය කළ ජෝජ් පසුව අශෝක්ගෙන් ඉවත් වූ අතර තමා අශෝක් ළග සේවය කළ සමයේදී තමාට හිමි විය යුතු වැටුප් සහ දීමනා ඔහු විසින් වංචා කළ බව කියමින් දින සියයේ ආණ්ඩුව පැවැති සමයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන්නටද ජෝජ් විසින් වගබලාගෙන තිබිණි. ඒ නිසාම තම ප්‍රතිවාදියෙකු වූ ජෝජ්ට රිද්දවීම සදහා අශෝක් විසින් මෙම ත්‍රිරෝද රථ නැවැතුම්පොළ පොලිසිය ලවා ඉවත් කර වූ බවට නගරය තුළ කතාවෙමින් තිබිණි.
අනවසර ත්රීවිලර් නගර සභා රැස්වීමටත් කඩා වදී.
තත්වය මෙසේ තිබියදී පසුගිය සිකුරාදා පැවැති කුරුණෑගල මහනගර සභාවේ අවසන් මහ සභා රැස්වීමටද ත්රිරෝදරථ නැවැතුම්පොළවල් පිළිබද ගැටඵව ඇදීම නිසා එම කතාබහෙන් සභා රැස්වීමද රත් වී ගියේය. සභා රැස්වීමට ත්‍රීවිල් කතාව ඇදගත්තේ කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති නිමල් චන්ද්‍රසිරි ද සිල්වා විසිනි. ”මේ ඊයේ පෙරේදා කුරුණැගල නගරයේ තිබුණු ත්‍රීවිල් පාක් දෙකක් හදිස්සියෙම අයින් කරලා. ඇයි මේ ? මේව කාගේ උවමනාවට වෙන දේවල්ද ? පොලිසියේ උවමනාවටද ? එහෙම නැත්නම් මේක පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවාද ? අනවසරයි කියලා ත්‍රීවිල් පාක් දෙකක් විතරක් අයන් කරන්නේ ඇයි ? එහෙනම් අනිත් ඒවත් අයින් කරන්න. ” ඔහු පැවසීය. අනතුරුව ත්‍රීවිල් වෙනුවෙන් හඩ නගන්නට නැගී සිටියේ නාගරික මන්ත්‍රී තුෂාර සංජීවය. ” මම ඉතාමත් වගකීමෙන් මේ ප්‍රකාශය කරන්නේ. මම මේ කියන දේවල් ඔප්පු කරන්න වුණොත් ඒ සදහා අවශ්‍ය කරන සියඵම ලිපිලේඛණ මම ළග තියෙනවා. කුරුණෑගල එක්සත් ජාතික පක්ෂ සංවිධායක අශෝක් අබේසිංහ මහත්තයාගේ පිරිසක් මේ ත්‍රීවිල් පාක් එකට දාගන්න උත්සහා කරලා තියෙනවා. නමුත් ඒකට මේ පාර්ක් එකේ ඉන්න අය කැමැති වෙලා නෑ. ඔක්කොමලා දාන්න බෑ, දෙන්නෙක් විතරක් දාන්නම් කියලා ඒ අය කියලා තියෙනවා. ඒ නිසයි මේ පාර්ක් එක අයින් කරලා තියෙන්නේ.” මෙලෙස තැන් තැන්වල ඇතිවෙමින් තිබූ කතාබහ හේතුවෙන්දෝ පෙරේදා දහවල් වන විට නගරයේ තිබූ තවත් අනවසර ත්රිරෝදරථ නැවතුම්පොළවල් කිහිපයක් එම ස්ථානවලින් ඉවත් කරවීමට පොලිසිය විසින් ක්‍රියා කර තිබිණි. මෙවැනි තත්වයක් මත නගරයේ ඇති ත්රිරෝදරථ නැවැතුම්පොළවල් පිළිබදව පොලිසිය, නගරාධිපතිවරයා, නාගරික මන්ත්‍රීවරුන් සහ ත්රිරෝදරථ රියදුරන්ගේද සහභාගීත්වයෙන් පෙරේදා නගර සභාවේදී පැවැත්විණි. එම රැස්වීමේදී ඇති කරගත් එකගතා මොනවාදැයි හෙළි වී නැති ඊයේ දිනයේදීත් කුරුණෑගල නගරයේ අනවසර ත්රිරෝදරථ නැවැතුම්පොළවල් පිළිබද ගැටඵව සමනයවී ඇති බවක් නම් දක්නට නොලැබිණි.
උස පනින මධුමන්තිට – දයාසිරි ඇවිත් පිහිටට
වයඹ පළාත සතු අමිල සම්පතක් යැයි සැලකිය හැකි උස පැනීමේ ක්‍රීඩිකා ප්‍රියංගිකා මධුමන්ති පසුගිය සමයේ ඇති වූ කලකිරීම් හේතුවෙන් අද වන විට සිටින්නේ ක්‍රීඩාවෙන් තරමක් දුරස්වෙලාය. උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාවට අද දක්වාම හිමිකම් කියන මධුමන්ති සාෆ් වාර්තාවකටද හිමිකම් කියන ක්‍රීඩිකාවකි. ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ කියන්නාක් මෙන් ස්ථීර රැකියාවක් නොමැතිවීම, අනුග්‍රාහකයෙකු නොමැතිවීම වැනි ගැටඵ ගණනාවන් හේතුවෙන් ක්‍රීඩාව පිළිබද අන්තයටම කළකිරී සිටින මධුමන්ති දැනට සති කිහිපයකට පෙර සිය පුහුණුවීම් පවා නවතා දැමුවාය. වයඹ පළාත් සභාවේ ක්‍රීඩා නිලධාරී තනතුරක් සදහා මීට මාස කිහිපයකට පෙරදී මධුමන්ති විසින් අයැදුම් කළ නමුත් සුදුසුකම් ප්‍රමාණවත් නැති බව දන්වා වයඹ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇගේ අයැදුම්පත ප්‍රතික්ෂේප කර තිබිණේ ඇගේ කළකිරීම දෙගුණ තෙගුණ කරවමිනි. මධුමන්ති එවකට ක්‍රීඩා ඇමැතිව සිටි ඞී. බී. හේරත් මෙන්ම වත්මන් ඇමැති සන්ධ්‍ය රාජපක්ෂද හමු වී ඇගේ අවනඩුව ගැන කී නමුත් මධුමන්තිගේ ගැටඵවලට යහපත් විසදුමක් ලබාදීමට ඒ දෙපළ විසින්ම අපොහොසත් වී තිබිණි. මේ තත්වය හමුවේ පළාත් සභාව වෙත තවත් කන්කෙදිරිගෑමෙන් පලක් නොවන බව වටහාගත් මධුමන්ති පසුගිය සතියේ ක්‍රීඩා ඇමැති දයාසිරි ඇමැතුවේ මධ්‍යම රජයේ හෝ පිහිටක් ලබාගැනීමේ අපේක්ෂාවෙනි. තමා පිළිබදව කෙටියෙන් හදුන්වා දුන් මධුමන්ති දයාසිරිව ක්‍රීඩා අමාත්‍යංශයේදී හමුවීමට වේලාවක් ඉල්ලා සිටියාය. ” ඔයා කුරුණෑගල කිව්වා නේද පුතා ?” දයාසිරි විමසීය. ” ඔව් සර්.” මධුමන්ති කීවාය. ” හරි. එහෙනම් ඔයා කොළඹ එන්න ඕනේ නෑ. මම එන්නම් ඔයාව හම්බවෙන්න. මම මේ සෙනසුරාදා රැස්වීම් වගයකට කුරුණෑගල එනවා. ඒ ගමන් මම ඔයාගේ ගෙදරටත් ගොඩවෙලා යන්නම්. ”දයාසිරි කීය. කුඩම්මාගේ සැලකිලි පමණක් ලබන්නට හුරු වී සිටි මධුමන්තිට දයාසිරිගේ වචන අදහාගත නොහැකි විය. ”අනේ ලොකු දෙයක් සර්, මට කොහොම හරි සර්ව හම්බවෙන්න අවස්ථාවක් දෙන්න.” මධුමන්ති කීවාය. ”අනිවාර්යයෙන්ම. ලබන සෙනසුරාදා නවය හමාර වෙද්දී මම ඔයාලගේ ගෙදර එනවා.” යැයි කී දයාසිරි මධුමන්තිගේ ගෙදරට එන පාරද ඇයගෙන්ම අසාගත්තේය. දුන් පොරොන්දුව එලෙසින්ම ඉටුකරමින් පසුගිය සෙනසුරාදා නවයයි තිහ පසුවී විනාඩි කිහිපයක් ගතවෙද්දී දයාසිරි කුරුණෑගල, ගුරුලෑපොත පිහිටි මධුමන්තිගේ නිවසට පා තැබීය. රාක්කයක් පිරෙන්නට ගොඩ ගසා ඇති මධුමන්ති විසින් දිනූ පදක්කම් සහ කුසලාන දුටු දයාසිරි පුදුමයට පත් විය. ” රටට මේ තරම් දෙයක් කරපු ඔයාටද අද මෙහෙම වෙලා තියෙන්නේ ?” දයාසිරි ඇසුවේ මධුමන්ති පිළිබද පළ වූ පුවත්පත් වාර්තා එකතු කර සකස් කර ඇති කිලෝ හත අටක් බර ඇල්බමයක් පෙරළමින අතරවාරයේදීය. මධුමන්ති තමා ආ ගමන් පිළිබදවත්, තමාට අද වන විට අත්ව ඇති ඉරණම පිළිබදවත් අකුරක් නෑර දයාසිරිට විස්තර කළාය. මධුමන්තිගේ විස්තර අසා කම්පාවට පත් වූ දයාසිරි හැරෙන තැපෑලෙන් ඇමැති සන්ධ්‍යට ඇමැතුමක් ගත්තේය. ” සන්ධ්‍ය , මේ මධුමන්ති කියන ළමයව අහකට දාලා තියෙන එක ජාතික අපරාධයක්. එයා ක්‍රීඩා නිලධාරී ඇප්ලයි කරලා, ඒකෙනුත් කපලා දාලා. ක්‍රීඩා නිලධාරී නෙවෙයි මෙයාව ඉස්කෝලේකට දාන්න. මෙයාට කියලා හයි ජම්ප් කරවන්න හොද ළමයි ටිකක් හදාගන්න. ” දයාසිරි කීය. දයාසිරිගේ ඉල්ලීමක් කිසිදා අහක නොදමන්නට හදවතින්ම බැදී සිටි ඇමැති සන්ධ්‍ය දයාසිරිගේ එම ඉල්ලීමද ඉටුකර දෙන බවට පොරොන්දු විය. ”හරි. ඔයා ලබන බදාදාට ගිහින් සන්ධ්‍ය ඇමැතිතුමාව හම්බවෙන්න. එයා ඔයාගේ වැඩේ කරලා දෙයි.” යැයි කී දයාසිරි හිද සිටි අසුනෙන් නැගිට්ටේය. ” ඔයාට මොනවා හරි ඕන දෙයක් තියෙනවා නම් මට කියන්න. ස්පයික්ස් හරි, මීල්ස් හරි, ට්‍රෙනින් හරි මොනවා හරි ඕනෑ නම් ඕනම වෙලාවක මට කතාකරන්න. දැන් ඉතිං හෙටම ප්‍රැක්ටිස් පටන් ගන්න. අපිට සාග් ගේම්ස්වලට ට්‍රයි කරන්න පුඵවන් නේද ? ” වාහනයට නගින්න පෙර දයාසිරි යළිත් මධුමන්තිගෙන් ඇසීය. ”සාග්වලට නම් දැන් කල් මදිවෙයි සර්. ඔලිම්පික් ටාගට් කරගෙන මම ප්‍රැක්ටිස් පටන් ගන්නම්.” මධුමන්ති කීවාය. ” ඕ කේ. ඕල් ද බෙස්ට් ” යැයි කියමින් මධුමන්තිට සුබ පැතූ දයාසිරි වාහනයට නැග්ගේය.
දෙහිගමගේ මහ අපලේ – ගෙවෙන බවක් නම් නොපෙනේ !
පසුගිය අගහරුවාදා කුරුණෑගල අධිකරණ සංකීර්ණයේදී වයඹ පළාත් සභාව නියෝජනය කරන මැති ඇමැති දෙපළකගේම නම් කියැවුණේය. ඒ ඇමැති ගුණදාස දෙහිගමගේ නම සහ මන්ත්‍රී කමල් ඉන්දිකගේ නමය. මේ ගෙවන කාලය ඇමැති ගුණදාස දෙහිගමට එතරම් සුබ කාලයක් නොවන බව යළිත් පසක් කරවමින් ඇමැති දෙහිගමගේ නම අගහරුවාදා ඇසුණේ කුරුණෑගල දිසාඅධිකරණය පැත්තෙන්ය. ඒ නිකම්ම නොව ඇමැති දෙහිගමට එරෙහිව නිකුත් කෙරුණු වාරණ නියෝගයක්ද සමගිනි. තමන් වයඹ පළාත් සමූපකාර කොමිෂන් සේවක සභාවේ සාමාජිකත්වය අවලංගු කිරීම වළක්වන මෙන් නිතිඥයින් දෙදෛනකු විසින් ඇමැති දෙහිගමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලූ කුරුණෑගල පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර මහතා විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය. ඒ සමගින් දයාසිරි විසින් වයඹ පළාත් සමූපකාර කොමිෂන් සේවක සභාවේ සාමාජිකත්වයට පත් කරනු ලැබූ අදාළ නීතිඥයින් දෙදෙනා නෙරපා දමා තම හිතවතුන් දෙදෙනෙකු එම පුටුවල වඩා හිදුවීමට සිහින දකිමින් සිටි දෙහිගමට එම සිහිනයෙන් අවදිවන්නට සිදු විය. නීතිඥයින් දෙපළ එළවා දමා ඇමැති දෙහිගම විසින් වයඹ පළාත් සමූපකාර කොමිෂන් සේවක සභාවේ සාමාජිකත්වයට පත්කිරීමට සූදානම්න් සිටියේ කුලියාපිටිය පැත්තේ එක්තරා සමූපකාර සමිතියක සභාපතිවරයෙකු සහ නාරම්මල ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව දැන් ‘අඵ යට ගිනි’ වෙත දැන් කණින් කොණින් ඇසෙමින් තිබේ.
වෙන්නට නම් සමථයක් – ගන්නට වෙයි සමාවක්
පසුගිය අගහරුවාදා කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පැත්තෙන් ඇසුණ අනෙක් නම වූයේ වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දිකගේ නමය. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේදී කුඹුක්ගැටේ නගරයේදී ප්‍රසංගයක් පවත්වමින් සිටි අඵත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදුන් බවට මන්ත්‍රී කමල් ඉන්දික මහතාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව එදින යළි අඩගැසීම නිසාය. මන්ත්‍රී කමල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් කලාකරුවන්ට පහර දී තුවාල සිදුකිරීම පිළිබදව සමාව අයැද සිටින්නේ නම් අදාළ නඩුව සමථයකට පත්කරගැනීමට සූදානම්දැයි අගතියට පත් පාර්ශ්වයෙන් විමසා සිටියේය. එහිදී කලාකරුවන්ගේ පැත්තෙන් කියැවුණේ අධිකරණය තුළ කෙරෙන සමාව ඇයැදීමකට වඩා ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක් කැදවා සිදුකරන සමාව අයැදීමක් පිළිබදව එකග විය හැකි බවය. එවැනි සමාව අයැදීමක් සිදුකරන්නේ නම් එය මීළග නඩු දිනයට පෙර සිදු විය යුතු බවද අඵත් පරපුරෙන් කොන්දේසියක් වැටීම නිසා ඒ පිළිබද තීන්දුවක් ගැනීම සදහා මන්ත්‍රී කමල් ඉන්දිකටද දැන් මාසයක කාලයක් ඉතිරි වී තිබේ. මන්ද මේ පිළිබද නඩුව යළිත් නොවැම්බර් 19 වැනිදා විභායට ගැනීමට නියම වී ඇති බැවිනි. ඒ නිසා ඉදිරි දින කිහිපයේදී කමල් විසින් අඵත් පරපුරේ කලාකරුවන්ගෙන් සමාව අයැදීමක් කරනු ඇතියිදැයි දැන් මුඵ රටම බලා සිටින බවක් පෙනේ. මන්ත්‍රී කමල් ඉන්දික විසින් අත් පා ඔසවමින් කලාකරුවන්ට පහරදෙන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශණ පවා අඵත් පරපුර සතුව පවතින පසුබිමෙක මන්ත්‍රී කමල්ට ඉතා අවාසි සහගත තත්වයක පවතින බව පෙනන මෙම නඩුව සමාව ගැනීමකින් කෙළවර කර ගැනීමට මන්ත්‍රී කමල් විසින් බොහෝ විට කටයුතු කරනු ඇතැයි සිතිය හැකිය.
කුරුණෑගල ආදායම් හදිසියේ ඉහළ යයි.
කුරුණෑගල මහනගර සභාවේ ආදායම් මාර්ගයවල සැලකිය යුතු වැඩිවීමක් පසුගිය සති කිහිපයේදී සිදු වී ඇති බව නතර සභාව පැත්තෙන් ලැබෙන ආරංචි මාර්ග කියයි. නාගරික කොමසාරිස් ජී. කේ. චන්ද්‍රලතා විසින් නගර සභාව සතු ආදායම් මාර්ග පිළිබදව පුද්ගලිකවම සොයාබැලීමට පටන්ගැනීම නගර සභාවේ ආදායම් මාර්ග මෙලෙස ඉහළයාමට හේතු වී ඇති බව වාර්තා වෙයි. පසුගිය සමයේදී නිසි සොයාබැලීමක් නොකෙරුණු නගර සභා ආදායම් මාර්ග කිහිපයක් තම අධික්ෂණය යටතට ගැනීමට දැනට සති කිහිපයකට පෙර නාගරික කොමසාරිස්වරිය විසින් හදිසි තීන්දුවක් ගත්තාය. ඒ අනුව කුරුණෑගල මහ නගර සභාව සතු නාන තටාකයට කොමසාරිස්වරිය විසින් නගර සභා ලිපිකරුවෙකු සේවයේ යෙදවීමේ ප්‍රතිඵල පැය දෙකක් ගෙවෙන්නටත් පෙර ඇස් පනාපිටම ලැබී තිබිණි. ඒ දෙපැයෙහි පමණක් නාන තටාකයේ ආදායම රුපියල් දොළොස් දහස් හාරසියයක් විය. ඊට පෙර නාන තටාක භාරකරුවා ලෙස කටයුතු කළ පුද්ගලයා විසින් නගර සභාව වෙත ගෙවා ඇත්තේ එක් දිනකදී රුපියල් දෙදහස් පන්සියයක මුදලක් පමණක් බවද මේ වන විට අනාවරණය වී තිබේ. නාන තටාකය පිළිබදව කළ අත්හදා බැලීමෙන් දිරිමත් වූ නාගරික කොමසාරිස්වරිය ඊළගට අත තිබ්බේ කුරුණෑගල සතිපොළටය. එහි ප්‍රතිඵලයද විශ්මයජනක විය. පොළ පැවැත්වුණු එක් දිනකදී නගර සභාවට දළ වශයෙන් අහිමි වූ රුපියල් හතළිස් පන්දහසකට ආසන්න මුදලක් නගර සභා ආදායම්වලට යළි එකතු කරවීම නාගරික කොමසාරිස්වරියගේ තීන්දුව හේතු වී තිබිණි. එමෙන්ම රජපිහිල්ල පාරේ බස් රථගාලට සහ ප්‍රධාන බස් නැවැතුම්පොළටද මේ වන විට නගර සභා සේවකයින් යොදවා තිබීම නිසා ඒවායෙහි ආදායමද දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තිබේ.
නගර සභාව කල් ඉකුත් වෙයි.
කුරුණෑගල මහනගර සභාවේ අවසන් මහ සභා රැස්වීම පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. අවසන් රැස්වීමවීම වූ නිසාදෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සියඵ දෙනාම ඊට සහභාගි වී සිටි අතර සභාවේ නොසිටියේ විදේශගත වී සිටි බුද්ධික ඇල්ලෙපොළ මන්ත්‍රීවරයා පමණකි. සභාව අතරතුරදී සෑම මන්ත්‍රීවරයෙක්ම තම අසුනෙන් නැගී සිට සිය ධූරකාලය තුළදී කළ උදව් උපකාර වෙනුවෙන් නගරාධිපතිවරයාට, සහෝදර මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට සහ ස්තූතිව පළකිරීමට අමතක නොකළහ. මන්ත්‍රී චූලා මෙන්ඩිස් කතාකරද්දී ”මම පළමුවැනි සභාවේ ඉදලම ඔබතුමාත් එක්ක හිටියා.” යැයි නගරාධිපති ගාමිණී පෙරමුණගේට පැවසූ අතර යාබද අසුනේ අසුන් ගෙන සිටි මන්ත්‍රී සුමිත් බණ්ඩාරට ඒ කතාව ඇල්ලූවේ නැත. ”හරි , හරි ඔය කියන්නේ අපි මුල ඉදලම හිටියේ නෑ කියලනේ. ” කී අතර ඒ හේතුවෙන් දෙදෙනා අතර වචන කිහිපයක්ද හුවාමාරු විය. කෙසේ නමුත් තමාට ලැබුණු අවස්ථාවේදී චූලාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වන්නට සුමිත් විසින් වගබලා ගත්තේය. ” මට නම් ඔය සමහරු වගේ පළවෙනි රැස්වීමේ ඉදලාම ඔබතුමාත් එක්ක ඉන්න බැරිවුනා. නමුත් ඊට පස්සේ නම් මම හැමදාම ඔබතුමා එක්ක හිටියා.” සුමිත් කීය.
ජයරත්න හේරත් එක්ක බෑ කියලා – තුෂාරට දේශපාලනෙත් එපා වෙලා.
මන්ත්‍රී තුෂාර සංජීවගේ විසින් නගර සභාවේ අවසන් කතාවද හතර අතට තැබූ වෙඩි තැබීමක් බදු විය. ” බොහෝවිට මේ කතාව මම නගර සභාවේදී කරන අන්තිම කතාව වෙයි. නගරාධිපතිතුමනි, මට ඔබතුමා පිළිබදවත් සීයට සීයක්ම සෑහෙන්න බෑ. පහුගිය කාලේ මම ඉදිරිපත් කරපු ඉල්ලීම්වලට සතුටුදායක ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. මමත් පහුගිය ඡන්දේදී මනාප තුන්දාහක් ගත්තා. නමුත් තුෂාරට මනාපයක් දීපු නිසාම අදටත් මේ නගරේ ජනතාව විශාල පිරිසකට විදවන්න වෙලා තියෙනවා.” තුෂාර මුලසුනේ අසුනගෙන සිටි නගරාධිපති ගාමිණීගේ මූණටම කීය. ගාමිණීත් ඔලූව වනමින් සිටියා විනා තුෂාරට උත්තර බදින්නට නොගියේය. නගරාධිපති දෙසට එල්ලකර ගෙන තිබූ තුෂාරගේ චචන තුවක්කුව ඊළගට එල්ල වූයේ හිටපු ඇමැති ජයරත්න හේරත් දෙසටය. ” මහින්ද රාජපක්ෂ නැති පක්ෂයක තවදුරටත් දේශපාලනය කරන්න මගේ බලාපොරොත්තුවක් නෑ. විශේෂයෙන්ම කුරුණෑගල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ජයරත්න හේරත් මහත්තයාට මම මේ වෙලාවේ මගේ දැඩි පිළිකුළ සහ අප්‍රසාදය පළකරනවා. පුද්ගලයෝ දිහා බලලා අඩු වැඩි විදිහට තමයි එතුමා මිනිස්සුන්ට සැලකුවේ. මේ වගේ නායකයෝ එක්ක දේශපාලනය කරනවාට වඩා ගෙදරට වෙලා වැඩක් පළක් බලාගන්න එක හොදයි කියලා මම හිතනවා.” අනතුරුව නැගී සිටියේ මන්ත්‍රී කමල් ගුණසිංහය. ” මේ මම නාගරික මන්ත්‍රීවරයෙක් විදිහට මේ වගේ අවසාන මහ සභා රැස්වීමක කතා කරන හතරයවැනි වතාව. ඒ නිසා නගර සභා හතරක් නියෝජනය කරපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් විදිහිට මම නම් කාටවත් සුදුහුණු ගාන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.” යැයි කී කමල් පළාත් සභාවේ නිලධාරීන් පිළිබදව විවේචනාත්මකව අදහස් දක්වන්නට විය. නාගරික කොමසාරිස්වරිය සහ නියෝජ්‍ය නාගරික කොමාසාරිස්වරයා අතර ඇති වී තිබූ ගැටුම් හේතුවෙන් නගර සභාවේ වැඩකටයුතු අඩාල වූ බවටත්, නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අල්ලස් ඉල්ලන බවටත් චෝදනා කළේ නාගරික කොමසාරිස්වරිය, නියෝජ්‍ය නාගරික කොමාසාරිස්වරයා සහ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා මෙන්ම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද මන්ත්‍රී කමල් ඉදිරිපිට වූ මේසයේ වාඩි වී සිටියදීමය. කමල් විසින් දිගින් දිගටම නිලධාරීන්ට දෝෂාරෝපණය කිරීම පිළිබදව විපක්ෂනායක වරුණ පේ‍්‍රමරත්නට යකා නැග්ගේය. ” මේ, මේ , නිලධාරීන්ට අපහාස කරන්න එපා. ඔයා නැගිට්ටේ ස්තූතියක් කරන්න නම් ඒක කරන්න මඩ ගහන්න එපා. ” වරුණ කීය. ” මම මුලදිම කිව්වනේ මම කාටවත් සුදු හුනු ගාන්නේ නෑ කියලා.” කියමින් කමල්ද ඊට ප්‍රතිචාර දක්වන්නට යාම නිසා ඇති වූ තත්වය මුලසුනේ සිටි නගරාධිපති ගාමිණී පෙරමුණගේටද මැදිහත් වන්නට සිදු විය. ” හරි , හරි , මන්ත්‍රීවරුන්ට ඕන දෙයක් කියන්න දෙන්න. අන්තිම රැස්වීමනේ. තුෂාර මන්ත්‍රීතුමා මට බනිද්දිත් මම මෙතැනට වෙලා අහගෙන හිටියේ. ඒවා එහෙම තමයි. ” පෙරමුණගේ ඇගට පතට නොදැනී කීය.
උපුටාගැනීම – මව්බිම පුවත්පත, ඔක්තෝම්බර් 15 වැනි බ්‍රහස්පතින්දා