Sunday, January 19, 2025

අනධ්‍යන සේවක වර්ජනයෙන් වයඹ සරසවි සිසුන් අමාරුවේ !

Must read

තම ඉල්ලීම්වලට නිසි විසදුම් නොලැබීමට විරෝධය පළකරමින් වයඹ විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය ඊයේ (28 ) සිට සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් සරසවි සිසුහු මහත් දුෂ්කරතාවයට පත් වී සිටිති.

අනධ්‍යන කාර්ය මණ්ඩලයේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් වයඹ විශ්ව විද්‍යාලය තුළ පිහිටි පුස්තකාල සහ පරිගණක විද්‍යාගාරවලට දොරගුලු දමා වසා තිබූ අතර ශිෂ්‍යාධාර හා මහපොළ දීමනා නිකුත්කිරීමේ අංශයන්ද වසා දමා තිබිණි. වෘත්තීය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මකවෙමින් තිබෙන නමුත් සිසු නේවාසිකාගාර වෙත ජලය සහ විදුලිය අඛණ්ඩව සැපයීමට වගබලාගෙන සිටින සිටින බව අනධ්‍යන කාර්ය මණ්ඩල ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඉදිරි දිනෙක පැවැත්වීමට නියමිත කෙම්බිමක සේයා කලා උළෙල සදහා නර්තන සහ හා සංගීත අංගයන් තෝරාගැනීමට ප‍්‍රදේශයේ පාසැල් කිහිපයක සමස්ත ලංකා ජයග‍්‍රහණ ලැබූ පාසල් සිසු සිසුවියන් පිරිසක් ඊයේ දිනයේදී විශ්ව විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයට කැදවා තිබූ නමුත් ශ‍්‍රවණාගාරය භාර සේවක සේවිකාවන් රාජකාරියේ යෙදී නොසිටීම හේතුවෙන් ඒ ආසන්නයේ පිහිටි ආගමික ස්ථානයකදී එම තෝරාගැනීම් සිදු කිරීමට විශ්ව විද්‍යාල සිසුන්ට සිදු විය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

රාජකාරියෙන් ඉවත් වූ අනධ්‍යන සේවකයින් පරිපාලන ගොඩනැගිල්ල අසලට රැස් වී සිටි අයුරුcampus_4වසා දමා ඇති විශ්ව විද්‍යාල ගොඩනැගිලි
campus_1 campus_2 campus_3

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article