පසුගියදා පැවති 2025 අයවැය විවාදයේ, අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්බන්ධව පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු වලට ආදළව අධිකරණ අමාත්‍යාංශයේ වියදම් සම්බන්ධයෙන් පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු විසින් ප්‍රතිචාර දක්වන ලදි. එහිදී ඔහු විසින් අවධාරණයට ලක්කරන ලද්දේ ෙ අධිකරණ ක්ෂේත්‍රය තුළ සිදුවිය යුතු කාර්්‍යක්ෂමතාවය සදහා සිදුවිය යුතු සංශෝධන මෙන්ම අධික වැය ක්ෂේත්‍රය පාලනය කළයුතු ආකාරයයි. මෙහිදී චිත්‍රාල් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා 2023 සඳහා යෝජිත අයවැය වාර්තාවේ තාක්ෂනික උපදෙස් වාර්තා උපුටා දක්වමින් මෙසේ අදහස් පළකරන ලදි.

https://www.facebook.com/share/v/1Xv87p6i9r/
‘ මේ වාර්තාව හදලා තියෙන්නේ 2023 දි. ඒ් වෙද්දි ඔබතුමන්ලා IMF ඒකට පැල් බැදගෙන ගහන කාලේ. අද වෙනකොට ඔබතුමන්ලා ඒකත් ආදරයෙන් වැළඳගෙන තියෙනවා. ,ඒකත් මම මතක් කරන්න ඕනා. විනිසුරුවරුන්ට තිබෙන අධික කාර්්‍යභාරය ගැනත් මේ රිපෝට් එකේ තිබෙනවා. කෙවලාන -පන්සලේදී 09 සවස 2.00 ට කාන්තා දිනය වැඩසටහන – කැඳවීමේ නඩු සඳහා විනිසුරුවරයෙක් වාඩි වෙලා දවසක් ගතකරන ඒකේ තියෙන කාර්්‍යක්ෂමතාවය පිළිබදව මෙහි සදහන් කරලා තිබෙනවා. මේක පරිපාලනයට අදාළ ක්‍රියාකාරමක් කියලා අපි නීති විද්‍යාලයේ ඉදන්ම අහලා තියෙනවා. ඒ්ත් ඒක අද වනතෙක් ක්‍රියාත්මකයි,නමුත් ඒ්කට අනිවාර්යයෙන්ම විසඳුමන් සොයා ගතයුතුයි. ඒ් වගේම නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙනුත් මේ පමාව කියන ගැටලුව මතුවෙලා තිබෙනවා.
මේ කාරණය සම්බන්ධයෙන් 2017 දි -පි.බී.අලුවිහාරේ වාර්තාවේ ඉදිරිපත් කරලා තිබෙනවා. වරද සිදුකිරීමේ දිනය සහ අධිචෝදනා මහ අධිකරණයට ගොනුකිරිම අතර සාමාන්‍ය කාලය වසර 4.7යි. (2-17) ඒ් වගේම අධි චෝදනා ගොනු කරන දිනයේ සිට සත්‍ය ලෙසම අදාළ නඩු විභාගය ආරම්භ වන කාලය සාමාන්‍ය වසර 3.7ක්. මහඅධිකරණයේ සාක්ෂි විභාගය ආරම්භ විමේ කාලය සහ නඩුව තීන්දුව දීම අතර කාලය වසර 1.8ක් ඒහෙම බැලුවාම මහාඅධිකරනයේ නඩුව විභාගවී අවසන් වීමේ කාලය වසර 10.2ක්. මේක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා,ඒ් නිසා තමයි අපි මේ ගැටලුව ඔබතුමාගේ අවධානයට යොමුකරන්නේ. මේක සාධනීය යෝජනාවක් ලෙස පිලිඅරගෙන කටයුතු කරන්න කියලා ඔබතුමාට යොමු කරනවා.
ඔබතුමා අද උදේ කරපු කතාවේදී කුලියට ලබාගෙන තිබෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් යම් ප්‍රකාශයක් කළා. මම පසුගිය වසරේ ප්‍රගති වාර්තාව අරගෙන බැලුවා,
අමාත්‍යාංශයට ලබාගෛන තියෙන ගොඩනැඟිලි වලට මාසෙකට 7254960 ක් වෙන්වෙලා තියෙනවා. මම පසුගිය වර්ෂයේ ප්‍රගති වාර්තාව අරන් බැලුවා. පුනරුත්ථාපන කාර්යාංශය ස්ථාපිත කරන්න වියදම මාසයනට ලක්ෂ 19ක්. පුනරුත්තාපන කාර්්‍යාංශය විවෘත කරන්න ලක්ෂ 19ක් මාසෙකට. කොළඹ ස්ථීර ත්‍රී පුද්ගල මහඅධිකරනය පිහිටුවීම සදහා ලක්ෂ 80ක්. අභියාචනාධිකරණය කාර්යාල ස්ථාපිත කිරීමටත් ලක්ෂ 14ක කුලියක්. මුලු වියදම 21,396,654.00ක්.
ඔබතුමන්ලාගේ ගමන් මාර්ගය අනුව නම් මේක විශාල නාස්තියක්. මේ වියදම තවත් වසරකින් (2025 ) දීර්ඝ කිරීමට අනුමැතිය ලැබිලා තියෙනවා මේ වෙනකොටත්. ඒ නිසා මෙම මුදල් නාස්තිය අවම කිරීමට පියවර ගන්නා ලෙස මම ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිනවා. ‘