Sunday, January 19, 2025

අතුරුදන් බව කී 16 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩිකාව මාස පහක් තිස්සේ වෙන ඉනිමක් ගහලා.

Must read

Female Cricket Playerක්‍රිකට් පුහුණුවීමක් සදහා නිවසින් පිටත්වී ගිය තම දියණිය අතුරුදන් වී ඇති බව කියමින් ඇගේ මව්පියන් විසින් මාස 4 කට ආසන්න කාලයක් තිස්සේ ඇයව සොයද්දී, සිය පෙම්වතා බව කියන
අයෙකු සමග අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට වී අඹුසැමියන්‍ ‍ලෙස පවුල්කමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්ගමුව, පලුකන්දෑව ප්‍රදේශයේ පංදිචි පාසල් සිසුවියක් සහ ඇ‍‍ගේ පෙම්වතා බව කියන එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි.

ක්‍රිකට් පුහුණුවීමක් සදහා කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයට යන බව පවසමින් 2015 මැයි මස 18 වැනිදා උදෑසන නිවසින් පිටත් වූ සිය දියණිය අතුරුදන් වී ඇති බවට ඇගේ මව්පියන් විසින්
කුරුණෑගල මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි. තම දියණිය සොයා දිවයිනේ සෑම ප්‍රදේශයක්ම පීරමින් සිටි ඇගේ මව්පියන් ඒ පිළිබදව ලබා දුන් තොරතුරු ඇසුරින් පාසල් සිසුවියක හදිසියේ අතුරුදන් වී ඇතැයි ඇගේ මව්පියන් හැඩූ කදුළින් පසුවන ඡායාරූපද සමග පුවත්පත් ලිපි පවා පසුගිය දිනවලදී පළ විය.

අදාල පැමිණිල්ලට අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය , සිසුවියගේ පෙම්වතා බව කියන තරුණයාගේ ජංගම දුරකථන අංකයෙහි ඇමැතුම් විස්තර වලට අනුව පරීක්ෂණ මෙහෙයවීමෙන් පසුව උපායශීලී ලෙස මෙම යුවළ කොටුකරගැනීමට සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් පෙම්වතුන් යුවළ ගල්ගමුව මහේස්ත්‍රාත් ඒ. අයි. හෙට්ටිවත්ත මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාසල් සිසුවිය වසරක පරිවාස කාලයකට යටත්ව ඇගේ මව්පියන්ට භාරදෙන ලෙසටත්, ඇගේ පෙම්වතා රුපියල් 15000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂයක ශරීරඇපයක් මත මුදාහරින් ලෙස නියෝග කළාය.

ගල්ගමුව අ‍රෝෂණ මාන්නප්පෙරුම

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article