Saturday, November 23, 2024

”අත්‍යඅවශ්‍ය බඩු පැකේජ වෙනුවට , වෙළදසැල් විවෘත කර ජනතාවට වවුචර් ලබා දීම වඩා හොඳ විකල්පයක් ” –

Must read

Harsha de silvaරටේ  උද්ගතවී ඇති හදිසි තත්ත්වය යටතේ අත්‍යඅවශ්‍ය භාණ්ඩ පැකේජ ලෙස ලබා දීමට වඩා සිල්ලර බඩු වෙළදසැල්වි විවෘතව  තබමින්  සහ ජනතාවට වවුචර් ලබා දීම වඩා හොඳ විකල්පයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ පවසන ලදී. ලෝකයේ දිළිදු ප්‍රජාවන් වෙත   සහන සැලසීමේ ගෝලීය ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් රජය සිය සැලැස්ම වෙනස් කළ යුතු බව ආචාර්ය ද සිල්වා ඩේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ.   ශ්‍රී ලංකාවේ සේවය කරන ජනතාවගේ අදායම් ලැබීමේ තත්ත්වයන් සැලකිල්ලට ගතහොත් ජනගහනයෙන්  දෛනික වැටුප මත යැපෙන මිලියන 1.7 ක ජනතාවක් සිටින අතර මිලියන 2.5 ක ජනතාවක් ස්වයං රැකියාවල නිරත වන බව ඔහු අවාධාරණය කර සිටී.  මෙම සංඛ්‍යාදත්ත අනුව පළමුව අඩාල වීමට ඉඩඇත්තේ අඩුආදායම් ලාභී ,ස්ථීර මාසික වැටුපක් නොලබල ජන කොට්ඨාශ වල ජීවන තත්ත්වයයි. ලෝකයේ අනෙක් බොහෝ රටවල්  අයට වවුචර් බෙදා හරින ක්‍රමයකට මාරුවෙමින් සිටිති. රජයට මිනිසුන්ට වවුචර් බෙදා හැර සිල්ලර වෙළඳසැල් වෙත ගෙවීම් කළ හැකිය. මෙය ජනතාව සඳහා වෙනත් අයෙකු විසින් නිර්මාණය කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ පැකේජයක් ජනතාවට ලබා දීම සඳහා වඩාත් සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගනු ලබන බව වෛද්‍ය හර්ෂ ද සිල්වා අවධාරණය කර තිබේ.‍

“ශ්‍රී ලංකාවේ සේවය කරන මිලියන 8 න් මාසික වැටුපක් ලැබෙන්නේ මිලියන 3 ක් පමණි. දෛනික වැටුප මත යැපෙන මිලියන 1.7 ක ජනතාවක් සිටින අතර මිලියන 2.5 ක ජනතාවක් ස්වයං රැකියාවල නිරත වෙති. ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන් ඔවුන් දිවි ගලවා ගැනීමට අරගල කරති. ඔවුන්ට ඉතිරියක් නැත. මෙම ජනතාවට ආධාර කිරීම සඳහා අවශ්‍ය වන මුළු මුදල් හුවමාරුව සතියකට රුපියල් බිලියන 8 සිට 20 දක්වා වේ.

 

 

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article