Saturday, January 18, 2025

අත්අඩංගුවට ගැනිම් සහ රන්ජන්ගේ වීඩියෝ

Must read

රන්ජන්වීඩියෝ82770847_2784107921655972_3006351290428030976_nපාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාව අද (15)  සවස කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.  ඒ විනිසුරුවන්ගේ කටයුතුවලට ඇඟිලි ගැසීමේ චෝදනාව මත නුගේගොඩ මහේස්ත්‍රාත්  අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුවයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සදහා පා.මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජීවත්වන මාදිවෙල පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයට  ගිය අවස්ථාවේදී රන්ජන් රාමානයක මහතා  පිටත්වීමට පෙර සූදානම් වන ආකරය වීඩියෝ කරමින් එම විඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇත. ඔහු මීට පෙර අවස්ථාවකදී ද ඔහුගේ නිවස පරික්ෂා කිරීමට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේදීද  ඒ සියල්ල වීඩියෝ කරමින් ජනතාවට මුදා හැරියේය. රන්ජන් රාමනායක මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි යන ප්‍රශ්නය කිසිවෙකු නැගුවොත් යමෙකුට එය සරලව මෙය විකාරයක්, ලෙසත් යමෙකුට ඔහු දෙකේ පන්තියේ වැඩකරන මිනිහෙක් ලෙස හංවඩු ගැසිය හැක. ඔහුගේ මෙම හැසිරීම සමාජයේ සම්මතය තරමකට උඩුයටිකුරු කරවයි. සියලු සංස්ථාගත පිරිමින්, ගැහැණුන් මෙයට කැමති වන්නේ නැත.
දේශපාලඥයින් අත්අඩංගුවට පත්වූ බොහෝ අවස්ථාවන්  වීඩියෝගත කරන්නේ මාධ්‍යෙව්දින් පමණක් නොවුණත් ඒවා  බොහෝ විට ඔවුන්ගේ පුද්ගලිකත්වය ප්‍රදර්ශනය කරන විඩියෝත් නොවන්නට පිලිවෙන. මෙතනදි රන්ජන් වෙනස් වන්නේ ඔහු  විසින්ම වෙනත් පුද්ගලයෙකු ලවා ඔහුගේ  සාමාන්‍ය ජීවන රටාවක් විඩියෝවට  විඩියෝ එකතු කිරීමයි. රන්ජන් මෙවැනි දේ කරන්නේ ඇයි ? ඔහුගේ අරමුණ කුමක් ද?

රන්ජන් රාමනායක තමන්ට එදිරිව සිටින දේශපාලන බල හස්තය විහිලුවකට ලක්කරමින් එයට ප්‍රතික්‍රියා දැක්වීමක් ලෙස මෙම වීඩියෝගත කිරීම සිදුකරනවා යැයි කෙනෙකුට නොසිතේද ?  ඒ සදහා ඔහුට ආවේනික ක්‍රමයක් මෙන්ම ශක්තියක ඔහුට ඇත. රාජ්‍්‍යය බලපුලුවන්කාරම හා රාජ්‍ය කුමන්ත්‍රණ ස්වභාවය තමන්ට වඩා  ප්‍රබලව සිටින මොහොතක රන්ජන් වෙනස් දේශපාලන ප්‍රතික්‍රියාවක්  එම අවස්ථාවේම නිර්මාණය කරමින් එයට මුහුණ දෙයි. ඔහු නිකම්ම පිළිගත්  ආකාරයට සූදානම් වි පොලීසිය සමග යාම පසෙකලා  වෙතත් මේ ආකාරයේ වීඩියෝවක්ද  පිටකරමින් ඔහු පොලීසිය සමග පිටවෙයි.
අනෙක් කරුණ  වර්තමාන රජයේ බලයට පත්වී සිටින්නේ එක්තරා කාලයක මාධ්‍යවේදීන්  මරාදැමිම මෙන්ම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජනාධිපතිවරයෙකි. ඔහු යටතේ සිටින්නේ ද විශාල ලෙස මහජන දේපළ මංකොල්ල කෑ මන්ත්‍රීවරුන් පිරිසක් බවද  කිසිවෙක් නොදන්නා දෙයක් නොවේ. ඔහුගේ මෙම හැසිරීමෙන් අගවන්නේ  ඒ කිසිවෙකුට නීතියෙන් දඩුවම් නොදෙන පාලන තන්ත්‍රයක් විසින් මේ ආකාරයට පා.මන්ත්‍රි රන්ජන් රාමනායකගේ දුරකථන සංවාද පාදක කරගනිමින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාම විහිලුවක් බව නොවේද ?
රන්ජන් රාමනායක විසින් දිගින් දිගටම දූෂණය වංචාව සම්බන්ධයෙන් තමන්ගේ දේශපාලන පක්ෂය පවා අභියෝගයට ලක්කරමින්  ක්‍රියාකළ ඉතිහාසයක් ඇත. ඒ ඔහුගේ දේශපාලන භාවිතාව තුළ ක්‍රම විරෝධී දේශපාලන ලක්ෂණ ද ගැබ්වි තිබීම ඔහු විසින් පවතින ක්‍රමයට එරෙහිව භාවිතා කළ අවියකි. මෑතකදි ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත්කළ පරිදි  යහාපාලන රජයට ජනතාවට පොරොන්දු වූ පරිදි දූෂිතයන් නිතිය හමුවට ගෙන ඒමට බැරිවුණත්  රන්ජන් රාමනායක විසින් ඒ සදහා උපකාරීවන හඩපට වෙනත් ස්ථාන වල සුරක්ෂිතව  තබා ඇති බවද රන්ජන් රාමානායක විසින් ප්‍රකාශ කර තිබුණි.
මේ ආකාරයට තමන් එරෙහිවන දේශපාලනය පිළිතුරු දිමට විකල්ප ක්‍රම තෝරාගැනිම රන්ජන් රාමානායක විතරක් කළ ක්‍රියාවකුදු නොවන්නේය.
2019  ජාත්‍යන්තර කාන්තා දිනයේදී   චිලි රාජ්‍යෙය් කාන්තාවන් ස්ත්‍රී දූෂනයට එරෙහිව සිය විරෝධය පෑවේ නිර්වස්ත්‍රවය. ඔවුන් සිය ශරිරය විරෝධයේ උපකරණයක් බවට පත්කරගත්තේය. මෙය යුරෝපයේ අවස්ථා ගණනාවක කාන්තාවන් විරෝධය පෑම සදහා යොදාගත්තේය. මෙහිදී ඔවුන් සිය විරෝධය උත්කර්ෂයට ගෙන එම සදහා සියලු සංස්කෘතික සිමාවන් බිද දමයි.

රන්ජන් රාමනායක මේ ආකාරයට තමන්ගේ ම විඩියෝ සජීවිව වීඩියෝ කිරීම තුළම පවතින සම්ප්‍රදාය කඩයි. ඔහුගේ සම්ප්‍රදායක් ඔහු අනුගමනය කරයි. මෙය ඔහුගේ විරෝධී භාවිතාවයි. ප්‍රශ්නය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකියන් කී දෙනෙකුට මෙය තේරෙනවාද යන්නයි??
රන්ජන් රාමනායක අද සමාජ මාධ්‍යට නිකුත් කර ඇති වීඩියෝව
https://www.facebook.com/real.rr/videos/508536679769968/
කාන්තා-විරෝධතාවක්
https://www.facebook.com/real.rr/videos/508536679769968/

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article