Saturday, November 23, 2024

අඩපනාවිල්ලුව කැලෑවේ සැරිසරන ‘අලි ලෙඩෙකුට’ ‘අලි දොස්තරලා’ බෙහෙත් දුන්නු හැටි. ( ඡායාරූප )

Must read

පාදයකට සිදු වූ බරපතල තුවාලයක් සහිතව පුත්තලම, අඩපනාවිල්ලුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි කඹර ඇතාට ප්‍රතිකාර කිරිම වන ජීවි නිලධාරින් විසින් අද දහවල් ආරම්භ කළහ.

අඩපනාවිල්ලුව ප්‍රදේශයට පැමිණි වයඹ වන ජීවි කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු වන ජීවි නිලධාරින් විසින් පැය කිපයක් තිස්සේ දැඩි වෙහෙසක් දැරීමෙන් අනතුරුව ගණ කැලෑව තුළට වැදී සිටි ඇතා සොයා ගැනීමට සමත්වූහ . අනතුරුව නිර්වින්දන තුවක්කුවකින් විද ඇතාට ඹෟෂධ එන්නත් කිරිමට වන ජීවි නිලධාරීහු කටයුතු කළහ.

පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පවසා සිටියේ මෙම ඇතාගේ පාදයකට බරපතල තුවාලයක් සිදුව ඇති බවත් , එම තුවාලය පරීක්ෂා කිරි‍මෙන් තොරව නිශ්චිත තොරතුරක් පැවසිය නොහැකි බව පැවසීය.

ඉදිරි දින කිපයේදීත් ඇතාට අඛණ්ඩවම ප්‍රතිකාර ලබාදෙන බවද පශු වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සටහන සේයා රූ
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ

adapanawilluwa3 adapanawilluwa6 adapanawilluwa4 adapanawilluwa5 adapanawilluwa2 adapanawilluwa7 adapanawilluwa1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article