අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තු නියෝජිතයින් සියලුම දෙනා කැදවා මැයි 04 වනදා පැවැත්වීමට සූදානම් වන රැස්වීම වර්ජනය කරන බව ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ලිඛිතව දන්වා තිබේ. කොරෝනා ව්‍යසනය මැඩපැවැත්වීමට හා පවතින තත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව නොකැදවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල රහිත බව එයින් අවධාරණය කර ඇති අතර මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්වයක් තුළ මෙවැනි හමුවක් ඵලදායී නොවන බැවින් මැයි 04 දින කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙකුත් සහභාගී නොවන බවත් සඳහන් කරමින් අදාළ අග්‍රාමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ ලිඛිතව සදහන් කර තිබේ.